IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


සෞඛ්‍ය සේවකයන් යළි පාරට බහින්න සැරසෙයි

(අංජුල මහික වීරරත්න)

 අනේකවිධ දුක්ගැහැට විඳිමින් කොරෝනා රෝගයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා කටයුතු කරන සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් ලබා නොදීම නිසා ලබන 8 වැනිදා යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිඛිතව දැනුම් දුන් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 

සුව විරුවන් යැයි බොරුවට නම් කිරීමෙන් ඵලක් නැති බව කී රත්නප්‍රිය මහතා තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අඩුම තරමින් සාකච්ඡාවක් වත් නොදුන් නිසා ඔක්තෝබර් 8 වෙනිදා දවස පුරා සේවයෙන්  ඉවත් වීමේ ක්‍රියා මාර්ගයක් සහ එදින රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන් බව සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

කොරෝනා මර්දනය සඳහා සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට පහසුකම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් අටක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගැනීමට සැරසෙයි.

 



අදහස් (0)

සෞඛ්‍ය සේවකයන් යළි පාරට බහින්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 424 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site