
(සුමතිපාල දීයගහගේ සහ ඤාණදාස රන්මුතු)
සෞඛ්‍ය උපදෙස් නොතකා 1000 කට ආසන්න පිරිසක් කැදවා හබරාදුව දුවමලලගම ප්‍රදේශයේදි මංගල උත්සවයක් පැවැත්වූ මනාල යුවළක් අත්අඩංගුවට ගෙන බැදුම්කර ඇපයක් මත අද (5) මුදාහැරිය බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මීට අමතරව එම මංගල උත්සවය සදහා ටෙන්ට් සහ පුටු සැපයුම්කරුද, ආහාරපාන සැපයුම්කරුද අත්අඩංගුවට ගෙන බැදුම්කර ඇප මත මුදා හැරිය බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩි දුරටත් සදහන් කළේය.
මේ අතර මෙම මංගල උත්සවයේදී සංගීත ප්‍රසංගයක් පැවැත්වු සංගිත කණ්ඩායමේ ශීල්පීන්ද අත්අඩංගුවට ගැනිමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කර ගෙන යයි.
මෙම මංගල උත්සවයේ සංගිත සංදර්ශනයක් පවත්වන බවට හබරාදුව මහජන සෞඛ්‍ය පරික්ෂක අචින්ත සමරසිංහ මහතාට ලැබුණ තොරතුරක් මත මෙම ස්ථානයේ සංගිත සංදර්ශනය නතර කිරිමට පියවර ගන්නා ලෙස අචින්ත සමරසිංහ මහතා හබරාදුව පොලිසියට දැනුම්දි තිබේ.
එම ඉල්ලිම පිලිගත් මනාල යුවළ එම අවස්ථාවේම සංගීත ප්‍රසංගය නතර කරවා තිබේ. ඊට පසුව පොලිසිය එම ස්ථානයෙන් පිටව ගොස් ඇත ඊටපසුව නැවත සංගිත ප්‍රසංගය ආරම්භ කොට ඇති අතර රාත්‍රි දොළහට පොලිසිය නැවත පැමිණ සංගිත ප්‍රසංගය නතර කරවා පිටව ගිය පසු නැවත සංගිත ප්‍රසංගය ආරම්භ කර තිබේ. නැවත අලුයම එකට එම ස්ථානයට පැමිණි
පොලිසිය වහාම සංගිත ප්‍රසංගය නතර කරවා ඇත. මේ අන්දමට පොලිසිය තුන් වරක් පැමිණ සංගිත ප්‍රසංගය නතර කළ බවද පොලිසිය මහජන සෞඛ්‍ය පරික්ෂක අචින්ත සමරසිංහ මහතා වෙත දැනුම්දි ඇත. මනාලයාගේ නිවසේ ඉඩකඩ ප්‍රමාණවත් නොවිම නිසා මනාලයාගේ මාමාගේ නිවසේ මෙම මංගල උත්සවය පවත්වා ඇති බවද පරික්ෂණවලදි අනාවරනයවි තිබේ.
COMMENTS
මේ වගේ ඔලමොට්ටල, තකතීරු, පණ්ඩිත මිනිස්සුත් අපි අතර ඉන්නවනේ...?
එතකොට නයිජීරියාවේ සංචාරය කරලා ඔමික්‍රෝන් රැගෙන ලංකාවට ඇවිත් ඔමික්‍රෝන් බව තහවුරුව තිබියදී හදිසි වැඩ තියෙනවා කියලා නිරෝධායනය අතර මග නිදහස් කළ කාන්තාව ගැන ගන්නා තීරණය මොකක්ද?