IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍යාරක්ෂිතව ඩෝල්පින්ලා බලන්න කල්පිටි එන්න

(පද්මා කුමාරී කංකානම්ගේ)
 
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දෙස් විදෙස් සංචාරකයින් සදහා කල්පිටියේ ඩොල්පින් මසුන් නැරඹුම් ඇරඹී ඇති බව ,කල්පිටිය පරිසර හිතකාමී සංචාරක පදනමේ සභාපති මඩු රාජ් ප්‍රනාන්දු පැවසීය.දෙසැම්බර් අග භාගයෙන් ඇරඹෙන ඩොල්පින් නැරඹුම් සමය අප්‍රේල් අග භාගය හෝ මැයි මුල් භාගය තෙක් දිව යයි.
 
ඩොල්පින්  නැරඹුම් සදහා සංචාරකයින් රැගෙන යන යාත්‍රා සෑම සංචාරයකටම පෙර හා පසු විෂ බීජ  හරණය,යාත්‍රාවේ ගමන් ගන්නන් අතර මීටරයේ  පරතරය පවත්වාගෙන යාම,ආහාර පාන ගැනීමේ දී කොරෝනා නීතී හා ආචාර ධර්ම පිළිපැදීම මෙහිදී අනිවාර්‍ය බවද ඒ මහතා පැවසුවේ ය.ඩොල්පින් මසුන් නැරඹීමට සහහාගීවන සියලු සංචාරකයින්ගේ තොරතුරු ඇතුලත් ලේඛනයක් සෑම යාත්‍රාවකම පවත්වා ගෙන යා යුතු ය.
 
වන ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල කුමාර මොරතැන්න මහතා මෙසේ කීය.
 
"ඩොල්පින් මසුන් නැරඹීමට, වන ජීවී දෙපාර්තුමේන්තුවේ ප්‍රවේශ පත්‍ර නිකුත්කරන කවුලු තුනක් ක්‍රියාත්මකයි.කන්ද කුලිය,කුඩාව සහ ඉලන්තඩ්ය යන ප්‍රදේශවල පිහිටි එම කාර්‍යාල මගින් ඉදිරියේ දී සංචාරකයින්  අධීක්ෂණ කෙරෙනවා."
 
"සෑම දේශීය සංචාරකයෙකු සතුවම  තමා පදිංචි පළාතේ මහජන සෞඛ්‍ය ලධාරිගෙන් ලබා ගත්,තමා නිරෝධායනයට ලක් නොවන්නෙකු බව තහවුරු කෙරෙන වාර්තාවක් තිබිය යුතුය.විදෙස් සංචාරකයින් සතුව ගුවන් තොටුපලේ දී  කෙරෙන පී.සී.ආර්.වාර්තාව වැදහත් වෙනවා.සියලුම සංචාරකයින්ගේ උණ බැලීමත් මේ කාර්‍යාලවල දී සිදු වෙනවා."
 
ඩොල්පින් නැරඹුම් යාත්‍රාවේ ගමන් ගන්නා කාර්‍ය මණ්ඩල දෙසතියකට වරක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කිරීමට ද නියමිත ය. කල්පිටි අර්ධද්දීපයේ ඩොල්පින් මසුන් නැරඹුම් සදහා යාත්‍රා 116 ක්,මේ වන විට වන ජීවී දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වී ඇත.



අදහස් (4)

සෞඛ්‍යාරක්ෂිතව ඩෝල්පින්ලා බලන්න කල්පිටි එන්න

Mangala Tuesday, 22 December 2020 09:03 AM

"ඩොල්ෆින් මසුන් නැරඹීමට, වන ජීවී දෙපාර්තුමේන්තුවේ ප්‍රවේශ පත්‍ර නිකුත්කරන කවුලු තුනක්'' ඩොල්පින් වන ජීවියෙක්ද? මේවා තමයි විහිලු...

:       0       0

de silva Tuesday, 22 December 2020 02:12 PM

මොන පිස්සු වැඩක්ද? මෙ කොරෝනා අස්සේ ඩොල්ෆින්ලා බලන්න යන්නේ... මුහුදේ යන බෝට්ටුවක කොහොමද ඔය කියන පරතරය තබාගන්නේ...?

:       0       2

gamini Tuesday, 22 December 2020 07:42 PM

පද්මා කුමාරි, සෞඛ්‍යාරක්ෂිතව ඩොල්ෆින්ලා නම් මීටර 02ක දුර තබා තිබෙන බව පැහැදිලි වේ. නමුත් ඔබ සඳහන් කර ඇති ආකාරයට කොරෝනා නීති හා ආචාර ධර්ම පිළිපැදීම මෙහිදී අනිවාර්ය බව සඳහන් වුවද දෙස් විදෙස් සංචාරකයින් කිසිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිටින බව කිසිඳු සේයාරුවක් දක්නට නොමැත. ඩොල්ෆින් මසුන් නැරඹීමට සහහාගි වන සියලු සංචාරකයින්ගේ තොරතුරු ඇතුළත් ලේඛනයක් සෑම යාත්‍රාවකම පවත්වා ගෙන යා යුතු බව නම් අනිවාර්ය කර ඇත. ලියන්නා කෙසේ ලීවද කියවන්නා සහ නරඹන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුවේ.

:       0       0

ජයරත්න වික්‍රමාරච්චි-කරුවලගස්වැව Wednesday, 23 December 2020 01:57 AM

සුපිරි පින්තූර ටිකක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 160 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 231 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1101 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site