(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොස්ගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු පලායාම සම්බන්ධයෙන් එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා සහ කාර්යභාර නිලධාරී පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පලාගිය සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු වන අකර හෙරොයින් මිලිග්‍රෑම් 2070ක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 06 වැනිදාය.
සැකකරුවන් දෙදෙනා 07වැනිදා අලුයම සිර මැදිරියේ දොර විවර කර පලාගොස් ඇතැයි ද එම දර්ශන සී සී ටීවී කැමරාවක සටහන් වී ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ...වගේ කොන්ද පණනැති ... අයගේ වැඩ තහනම් කිරීම ගැන අපි පොලිස්දෙපාර්ත්මෙන්තුවට .. ස්තුති වන්ත වෙමු . මේ හැම දෙයකටම මුන් සම්බන්දයි .