IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ෂැංග්‍රිලා බෝම්බකරුගේ මාතලේ ඉඩම සභාවට පවරගන්නැයි ඉල්ලීමක්

(මහේෂ් කිර්තිරත්න) 
 
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බය ප්‍රහාරය  එල්ල කළ ත්‍රස්තවාදියාට අයත් බව කියන මාතලේ හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 22 හමාරක ඉඩම රාජසන්තක කිරීමේදි එය මාතලේ ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙස කළ යෝජනාවක් මාතලේ ප්‍රාදේශීය සභා රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.

සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පලාපත්වල පිහිටි සභා රැස්විම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.

මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කළ මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා කියා සිටියේ දැනට ගම්මිරිස් වගා කර ඇති මෙම ඉඩම සභා බල ප්‍රදේශයේ කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගත හැකි බවත් ඒ සඳහා මෙම ඉඩම යොදා ගැනීමට කටයුතු කළ හැකි බවත්ය.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සඳහා සිය එකඟත්වය පළ කළ අතර සභාපති කපිල බණ්ඩාර හේන්දෙනිය මහතා පැවසුවේ දිසාපතිවරයා හරහා නඩු කටයුතු නිමවීමෙන් පසු ඉල්ලීමක් සිදු කරන බවයි.

පසුගිය දිනවල මෙම ඉඩම පරීක්ෂා කළ නමුත් ආරක්ෂක අංශයට කිසිවක් සොයා ගත නොහැකි විය.

මිය ගිය ඉන්ෂාෆ් අහම් නැමති සැකකරු මීට මාස 6කට පෙර මෙම ඉඩම මිලදි ගෙන ඇති බවද අනාවරණය විය.



අදහස් (8)

ෂැංග්‍රිලා බෝම්බකරුගේ මාතලේ ඉඩම සභාවට පවරගන්නැයි ඉල්ලීමක්

shan Wednesday, 15 May 2019 10:54 AM

වහාම මෙම ඉඩම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා කදවුරක් පිහිටුවීමට යොදා ගන්න නැතහොත් අනාගතයේ මෙය යලිත් තවත් අයගේ උවමනාවන් සදහා යොදවනු ලබයි.... වගකිවයුතු අය මෙයට වහාම මැදිහත් වන්න

:       0       0

Muditha Abeywardena Wednesday, 15 May 2019 11:18 AM

මේකෙන්ම පෙනෙනවා අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා කොච්චර බුද්ධිමත් ද කියලා. මේ මිනිහා මේකෙන් ගම්මිරිස් අපනයනය කරලා කොච්චර සල්ලි හම්බකරන්න ඇතිද, . මේ මෝඩයන්ට බැරිද මේක තවත් දියුණු කරලා විදේශ විනිමය රටට ගෙන්න. කුණු වලට වෙන තැනක් මාතලේ ඇත්තෙම නැද්ද.

:       0       0

gayan Wednesday, 15 May 2019 11:32 AM

ඔය හදන්නේ ඒ ඉඩම සභාවේ කට්ටිය බෙදාගන්න තමයි. ඕක රාජසන්තක කොට වෙන්දේසි කලානම් හරි.

:       0       0

Mewan Wednesday, 15 May 2019 11:44 AM

මුන් කරපු වැඩේ නිසා ඩොලර් බිලියන ගණනක් අපේ මිනිස්සුන්ට පාඩු. මේවා ගන්න මෙච්චර ඇබරි ඇබරි ඉන්න එපා

:       0       0

PA - RA Wednesday, 15 May 2019 03:11 PM

එය අනිවාර්යයෙන්ම කළයුතු දෙයකි. එය පවරාගෙන යුද හමුදාවට දී ඔවුන්ට වගාකටයුතු කර ගැනීමට බාර දෙන්න... අපරාධ කාරයින් මෙවන් ඉඩම් රැගෙන කරන්නේ අධම නරක ක්‍රියාවන්ය.

:       0       0

මේඝවර්ණ අභය Wednesday, 15 May 2019 03:14 PM

මේක අපරාධයක්... කරුණාකර එම ඉඩම ප්‍රාදේශීය සභාවට පවරාගෙන කසල ප්‍රතිචක්‍රීකරණය කරන්න යොදාගන්න එපා. එම ඉඩම පැවරිය යුත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හෝ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටයි. දැනට එම ප්‍රදේශයේ තිබෙන එම ආයතවලින් විශිෂ්ඨ සේවයක් රටට, ජනතාවට සැලසෙනවා. මෙවන් විශාල ඉඩමක් කුණු වලින් පුරවනවාට වඩා ප්‍රතිඵලදායක එම ඉඩම භෝග වගා පිළිබඳව පර්යේෂණ කරන, ගොවි මහතුන්ට, සුළු, මධ්‍යම වැවිලිකරුවන්ට උපදේශන සේවා සහ පුහුණු වැඩමුළු පවත්වන ස්ථානයක් බවට පත් කිරීමයි. රටක් විදිහට ගන්න ඕනෑ එවන් තීරණයන් නොවේද?

:       0       0

Kumar Thursday, 16 May 2019 01:58 AM

නගරයේ කසල සැලසුමක් නැතිව කොතනත් තැන්පත් කිරීම හොද ක්‍රියාවක් නොවේ. එම කසල නිසා මහපොළවේ ඇති බීමට ගන්න ජලය අපිරිසිඳු වෙනවාමයි. ඊට අමතරව දුගද සහ මැස්සන්ගෙන් මජනයට හිරිහැර සිදුවීමට ඉඩ ඇත.

:       0       0

isurandi Thursday, 16 May 2019 07:10 PM

මෙවැනි රාජසන්තක වෙන ඉඩම් හමුදාවේ වැඩ පිණිස යොදවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 126 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site