ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීමෙන් ශ්‍රී ලංකාව මේ වසරේ මාර්තු මාසයේදී සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ගැටලු මතුවන බව යුරෝපා සංගමය සඳහන් කරයි.
ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය සහ නෝර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත කොළඹ යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055

COMMENTS
රටේ ප්‍රශ්න වලට විදේශීය බලවේගයන්ට අතපොවන්න එපා කියා තරවටු කරන අයගේන් අහනවා නිකමට හරි ලංකාවට සම්බාධක පැනවුවොත් අපිට ජාත්‍යන්තර ආධාර නැතිව කෙලින් හිටගන්න පුළුවන් ලෙස අපි දියුණුද කියලා ?
ඇමෙරිකා එක්සත් ජනපදයත්, යුරෝපා සංගමයත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත් කිරීම ගැන අසතුට පළකරන්නේ හේතු සාධක නැතිව නොවේ ! ජාත්‍යන්තරය හමුවේ සිල්වාට එරෙහිව පැහැදිලි දරුණු චෝදනා තිබෙන බව මුළු ලොවම දන්නා රහසකි.
2009 යුද්ධය යන වෙලාවෙත් ඔය කට්ටිය අපිත් එක්ක හිටියෙ නැහැ. ඇයි අපිට බැරි තනියම ජාතියක් ශ්‍රි ලාංකික හැටියට කෙලින් හිටගන්න. ඔය සේරම කොටි ඩයස්පෝරාවට උත්තර නොදී යටින් උඩ ගෙඩි දීපු එකේ ප්‍රතිඵල. දැන්වත් තේරුම් ගත්තොත් හොදයි මේවා. කොන්ද කෙළින් තියාගෙන වැඩ කරමු. ලෝකයේ රටවල් අනිත් රටවල් වලට ඕන විදියට වැඩ කරන්නේ නැහැ.
එක එක්කෙනාට අමාරු වුනාට අපිට මොකද යුදහමුදාපතිට රටේ මිනිස්සු කැමති නම්
රටේ ප්‍රශ්න වලට විදේශීය බලවේගයන්ට අතපොවන්න ආරාධනා කර ලංකාවට සම්බාධක පැනවීමේ අවදානම නැතිකර ගනිමු.
අපිට සම්බාධක දරාගන්න බැහැ. එහෙම දමපු රටවල් ඉරාකය වගේ ඒවාට හොඳ ආදායමක් තියෙනවා. කියන කතාව ඇත්ත. තව ටිකක් ආර්ථික වශයෙන් ඉස්සහරහට යනකම් අපි පොරවල් කියල හිතන එක පල් මෝඩ කමක්. වීරයෝ වෙන්න කලින් කෙලින් හිටගන්න ඕනේ.
ඔන්න ඒකමත් ඒක රටක බලු රංචුවක් හිටියළු. මේ බලු රංචුවෙ ඒක බල්ලෙක් මොකද්ද හේතුවකට ඒක පාරටම බුරන්න ගත්තළු. මේක දැකපු රංචුවෙ අනිකුත් බල්ලොත් ඇහිච්ච නිදාගෙන හිටපු බල්ලොත් නැගිටල අර බල්ල දිහා බල බල බුරන්න ගත්තළු. ටික වෙලාවකින් අර මුලින් බුරපු බල්ල බිරුම නවත්තල තම නිවස පැත්තට ගියාළු. ඊට පස්සෙ අතිත් බල්ලොත් බිරුම නවත්තල හිස හැරුණු අතේ ගියාළු. ඔන්න ඒච්චරයි, පොඩ්ඩක් ඉවසමු.
හමුදාපතිට විරුද්ධයි හැබැයි ඔවුන්ට එ් කාලේ අණ දුන්න අය ජනාධිපති අපේක්ෂකයෝ වෙද්දි. සද්දයක් නෑ. ඇයි ඇමරිකන් නිසාද?
එතකොට ලංකාව කියන්නේ යුරෝපා සංගමේ , එංගලන්තේ , ඇමරිකාවේ හෝ වෙනත් ඕනෑම බටහිර ධනවත් රටක යටත් විජිතයක් ද ? අපිට ආර්ථික සම්භාධක පනවන්න මේ ය ක්‍රියා කරනවා නම් ලෝකයේ වෙනත් කිසිම රටක යුධ අපරාධ සිදු වෙලා නැහැ කියලා ද මේගොල්ලෝ කියන්නේ ? මේ කියන රටවල අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය වෙද්දී මෙච්චර අපේ රට ට ඇඟිලි ගහන්න එන්නේ මොකටද කියලා තේරෙන්නනේ නැද්ද මේ රටේ මිනිසුන්ට ? ආර්ථික සම්භාධක පැනෙව්වොත් ඇත්තටම අපිට ජීවත් වෙන්නම බැරි වෙනවද නැතිනම් නිවට නිහීන කම නිසා ඒ වගන්තියේ එල්ලීගෙන ඉන්නවද ??? ලෝකයේ අනිකුත් ආර්ථික සම්භාධක වලට හසු වෙලා ඉන්න රට වල මිනිස්සු දැන් මැරිලද එතකොට?? මෙව්වා තමයි මට නම් තියෙන දැවෙන ප්‍රශ්න ඉතින් ...
මම ඉන්නේ ලංකාවේ නෙවෙයි. ඒ නිසා කවුරුන් හෝ අපේ රටට ආදරය කරන කෙනෙක්ට බැරිද මගේ මේ අදහස් ටික අර දීලා තිබෙන ටෙලිෆෝන් නොම්මරයට කියන්න. ජර්මනිය සහ ඉතාලිය එක්ව විසිවෙනි ශතවර්ෂයේ මුල භාගයේදී යුදෙව් ජාතිකයන්ට සහ ජිප්සීස් නමින් හඳුවන ජන වර්ගයට, සහ පෝලන්තය, ප්‍රංශය සහ බෙල්ජියම ඇතුළු නොයෙක් රටවලට ආක්‍රමණය කිරීම අපේ බලවත් කනස්සලට හේතුවී ඇත. නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය මෙන්ම පෘතුගාලයද 16 වන ශතවර්ෂයේ සිට 20 වන ශතවර්ෂය දක්වා ශ්‍රී ලංකාව ආක්‍රමණය කර අපේ රටවැසියන්ට අතවරකිරීම අපි හෙලා දකිමු. ඔබ සියලුදෙනාම එක්ව ඒ ගැනද කටයුතු කරන මෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස අපි ඉල්ලා හිටිමු.
ජර්මනිය යුද අපරාධගැන කතා කරන්න??, මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න ??. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඉතිහාසේ අමතක වෙලාද ?. ඔය රටවල් ඔක්කොම යුද අපරාදවලට සම්බන්දයි , ත්‍රස්තවාදීන්ට උදව් කිරීමෙන්. අවි ආයුද විකිණීමෙන් .විශේෂයෙන් නොර්වේ කොටින්ට ආයුද විකුණුව. ඔය හැම රටකටම ලෝකේ කොහෙහරි යුද්ද ඕන, ඒගොල්ලන්ගේ පැවැත්මට .
සිරා කරන්නේ යන යකා කොරහත් බිඳන් යන සෙල්ලම... ගිය සතියේ උසස්වීම් දුන්නු කරන්නාගොඩත් එහෙම තමයි. සිරා කාඩ් කුට්ටම අනලා යන්නේ ඊළඟට එන කෙනාට බඩ ගාන්න.