IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලන්කන් ලොක්කෝ හෙට කෝප් කමිටුවට

( +++ සුජිත් හේවාජුලිගේ)

 ආන්දෝලනාත්මක ගුවන් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට හෙට (19) කැඳවනු ලැබ සිටිති.

කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට වෙනත් දිනයක් දෙන්නැයි ගුවන් සමාගම් ප්‍රධානීන් ඉකුත්දා ඉල්ලීමක් කළ අතර කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ගුවන් සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ මෙයට පෙර ද සලකා බැලුණ ද ඉහත ගුවන් බස් ගනුදෙනුව ගැන රටේ ආන්දෝලනයක් ඇතිවීම සැලකිල්ලට ගෙන ඒ කාරණය නැවත සලකා බැලීමට තීරණය කළ බව සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

මේ අතර මෙම ගුවන් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව රජයේ විගණකාධිපතිවරයාගෙන් තවදුරටත් තොරතුරු ඉල්ලා ඇත. ඒ තොරතුරු ලබාගැනීම සඳහා කෝප් කමිටු සභාපති හා රජයේ විගණකාධිපතිවරයා අතර හමුවක් අද (18) පැවැත්වීමට නියමිතයි.

මේ ආන්දෝලනාත්මක ගුවන් බස් ගනුදෙනුව සිදුවී ඇතැයි පැවැසෙන්නේ 2015ට පෙරය.

මේ අතර ආන්දෝලනාත්මක ගුවන් බස් ගනුදෙනුව පිළිබඳ සභාව කල්බන අවස්ථාවේ විවාදයක් ලබන 20 වැනිදා පැවැත්වේ.

 



අදහස් (0)

ශ්‍රී ලන්කන් ලොක්කෝ හෙට කෝප් කමිටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 383 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site