ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ ඇත.
අශෝක් පතිරගේ මහතා සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා ද වේ.
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා, ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් පත් කර තිබේ.
සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් විසින් මීට අදාළ පත්වීමේ ලිපිය නිකුත් කර තිබෙන අතර මේ අනුව දෙසැම්බර් 13 දින සිට අශෝක් පතිරගේ මහතාගේ පත්වීම බලපැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි නිර්මාතෘවරයා වන අශෝක් පතිරගේ මහතා එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වේ.
ඔහු යටතේ මේ වන විට ක්‍රියාත්මක සමාගම් සංඛ්‍යාව 50 ඉක්මවනු ලබන අතර 11,000කට අධික කාර්ය මණ්ඩලයක් ඒවායේ සේවයේ නිරත වේ. සිල්ලර වෙළෙඳ ව්‍යාපාර, විලාසිතා, සෞඛ්‍ය, මූල්‍ය, තොරතුරු තාක්ෂණ, විවේකාස්වාද, රක්ෂණ, රථවාහන යන අංශයන් හි අශෝක් පතිරගේ මහතාගේ ව්‍යාපාර විහිදී පවතී.
මෙරට ප්‍රමුඛතම ආරෝග්‍යශාලා ජාලයක් වන ආසිරි රෝහල් සමූහය, මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් වන Softlogic Capital PLC, Softlogic Finance PLC, රක්ෂණ ක්ෂේත්‍රයේ Softlogic Life Insurance PLC, විලාසිතා අංශයේ දැවැන්ත සමාගමක් වන ඔඩෙල්, ඒ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක සමාගම් කිහිපයකි.
මේ වන කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 7 ක නායකත්වය ඔහු සතුය. මීට අමතරව NDB බැංකුවේ උප සභාපතිවරයා වන ඔහු NDB Capital Holdings හි සභාපතිවරයා ද වේ.
(125)

COMMENTS
ලාභ උපයන්න පුළුවන් සැලැස්මක් ඇත්නම් පමණක් බාර ගන්න. පස්සේ බයිලා ගහන්න නම් එන්න එපා.
කාලෝචිත තීරණයක්... අත්හදා බැලීම් කරකර මේ වගේ ආයතන ගොඩගන්න බෑ. රටට වැඩක් කරපු, වැඩ පෙන්නපු දක්ෂ මිනිස්සු මේ වගේ තැන්වලට පත්වෙන්න ඕනෑ. අපේ රටේ "රට ගොඩදාන මිනිස්සු"...
ඡන්දය දුන් නොදුන් සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් වෙනස් ගමනක් යන ගෝඨාභය ජනාධිපතිතුමනි, ඔබට තෙරුවන් සරණයි ..
බොහෝවිට හරි වැඩක් වේවි... ඉස්සර එක කාලෙක හැරී ජයවර්ධන මහතාත් ඔය පුටුවේ හිටියා. ඒ කාලේ හොඳට තිබුණා කියලා අපි අහලා තියෙනවා. බිස්නස් දන්නා අයෙක් ඉන්න ඕනේ බිස්නස් ගොඩගන්න.
මේක පුද්ගලීකරණය නොකර කිසිදා ගොඩගන්න බෑ. මේක සොෆ්ට් ලොජික් එකටම වික්කා නම් හරි... එමිරේට්ස් එකේ කාලේ විතරයි මේක ලාභ ලැබුවේ. එ්ත් එක් කෙනෙක්ගේ පෞද්ගලික තරහ නිසා ඒ අයව එලවා ගත්තා...
සුබ අනාගතයක්...!!!
මෙයාත් රාජපක්ෂ පවුලේ මස්සිනා කෙනෙක් නම්, හැම ශ්‍රී ලන්කන් ගුවන් මගියෙකුටම පැරෂුටයක් බැගින් ටිකට් පත සමග බෙදාදිය යුතුවෙනවා..! වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට මෙවැනි වැදගත්, වගකීම් සහිත උසස් තනතුරක් භාරදුන්නා නම් තවදුරටත් අපේ ගුවන් යානා ලාභ සහිතව පියාසර කරාවි...
ඉතාම හොඳ තීරණයක්... අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන් ගොඩ...
අපි බලා සිටිමු.
හොඳ පත්කීරීමක්. අපි දන්නවා ලාභ ලබපු ආයතනයට උනේ මොකද කියලා....... දේශපාලුවන්ට යට උනොත් ඔබ මේ රටේ ඇතිකරගත් නමත් විනාශ වෙයි.
රනි මහතා පත් කරන්න තිබුණේ රෝයල් ගෘප් එකත් එක්ක....එක්කෙනෙක්ගේ පඩිය මිලියන 7ක්..
සුදුසුකම් තියෙන අයට රජයේ රැකියාවලට අයැදුම් කරන්න කියනවා. අතයටින් බොහෝ පත්වීම් කර අවසානයි. ජනතාව අන්දන එක නවතින්නේ කවද්ද?
මෙයා ගැන දන්න දේ කියන්න බයයි.
දිව්‍යලෝකේ හෝ අපායේ වැඩකරපු කෙනෙක් උනත් එය අපට අදාළ නැත. අවංකව රටට වැඩක් කිරීමට හැකි නම් එයයි මහජනතාව බලාපොරොත්තු වන්නේ. මොහු පොහොසතෙක් ද දුප්පතෙක්ද කව්රුන්ද, මොහුට අර කොම්පැනි මේ කොම්පැනි තියෙනවද නැද්ද අදාලම නැත.
කිසිම උගත්කමක් නැති, සුදුසුකමක් නැති කලින් හිටපු පවුල් පාලනේ කෙනාට වැඩිය මොහු කෙරෙහි විශ්වාසයක් තියන්න පුලුවන්... බලමුකෝ මොකද වෙන්නේ කියලා.
මේක බිස්නස් එකක්... බිස්නස් දන්නා කෙනෙක් පත්වෙච්ච් එක හොඳයි. ශ්‍රී ලන්කන් සමාගමට හොඳ කලක් උදාවේවි...
නිමල්, වෙල්ගමලා, ධම්මික පෙරේරා පත් කරලා අත් පුච්ච ගත්තා නේද, කවද හැදෙයිද මේ අය. එයාලයින් එක නැත්තටම නැති වෙයි මේ පාර.