IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් සඳුදා (7) පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට බාරදීමට ඒ අනුව සියලූ පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වේ. 
 
සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. 
 
සති දෙකක කාලයක් තුළ දී කමිටුව විසින් අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එම නිර්දේශ සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු ඉදිරී තීන්දු තීරණවලට එළැඹෙන බව ද ජනාධිපතිවරයා කීවේය.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය පිළිබඳ අද (4) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක  දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කීය.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩු අවම කර ගනිමින් ඉදිරියේ දී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර ක්‍රියාවට නංවා තිබෙන බව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන්නේය.
 
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතිකරගෙන තිබෙන අවාසිදායක ගිවිසුම් පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඛනිජ තෙල් මිල ඉහළ යාම, රුපියල හා කලා මුදල් අවප්‍රමාණයට ලක්වීම,  තාක්ෂණික හා යටිතල පහසුකම් ඌණතාව වැනි කරුණු හේතුවෙන් ඇතිවූ බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතී.
 
අමාත්‍ය මංගල සමරවීර, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ද රාජ්‍ය බැංකු සභාපතිවරුන් ඇතුළු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ආයතනවල ප්‍රධානින් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 

(28535)



අදහස් (4)

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්

Raveendra Friday, 04 January 2019 10:39 AM

අප රටේ මුල් පුරවැසියාට මෙසේ යෝජනාවක් කිරීමට කැමැත්තෙමු. ගුවන් සේවයේ ඇතිවී තිබෙන අඩුපාඩු වංචා ගැන සොයා බැලීමට පත්කරන කමිටුවට ගුවන් සේවක සේවිකාවන්ගේ හැසිරීම් රටාව විනය පිළිබඳව දැඩිලෙස සිත් යොමු කරන (ඉල්ලීමක් නොව, මෙය පුරවැසියන්ගේ බල කිරීමකි.) බව කීමට කැමැත්තෙමු. ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් වන සිනහමුසු මුහුණින් කෙනෙකුට සංග්‍රහ කිරීම සුහදව කතා කිරීම විශේෂයෙන්ම ගුවන් යානය තුළ සේවය කරන සේවක සේවිකාවන් ලඟ ඉතාමත්ම අල්පය. මෙය වඩාත්ම කැපී පෙනෙන්නේ ගුවන් යානයේ ගමන් කරන ශ්‍රී ලාංකිකයන් සමග අපගේ ගුවන් සේවක සේවිකාවන් ගනුදෙනු කරන විටය. හරියට මගින් ණයට ගුවන්සේවයේ ගමන් කරනවා සේය. කිසිඳු සිනහවක් නැති මුණු කුණ්ඩහට්ටි සේ උද්දච්චකමින් මගින්ට ආමන්ත්‍රණය කරන හැටි අප හොඳින් දැක ඇත. වඩාත් අවාසනාව වන්නේ මෙසේ ජඩ ලෙස එම සේවකයන් හැසිරෙන්නේ මැදපෙරදිග යන අපගේම "සහෝදරියන්" ඉදිරියේ වීම කණගාටුදායකයි. එබැවින් රටේ මුල් පුරවැසියාට අප මෙසේ පැවසීමට කැමැත්තෙමු. ඔබ මෙන්ම සියලුම ලාංකිකයන් අද දවසේ ආහාර ගත්තෙත් හෙට එසේ බඩ පුරෝවා ගන්නෙත් මෙසේ නින්දා අපහාස විඳිමින් මැදපෙරදිග සේවය කරන ඒ සහෝදරියන් එවන " සොච්චම නිසා බව අමතක නොකරන්න...

:       313       1035

sanju Friday, 04 January 2019 05:36 PM

මේක හොඳ වැඩක්... ඔන්න හරියට කරොත්, අවංක පාලන ඒකකයක් ඇති කරොත් හොඳට ලාභගන්න පුළුවන් මේකෙන්... ආගමන විගමන නීතිත් වෙනස් කරන්න වෙනවා. සංචාරකයන් ගෙන්න ගන්න නම්...

:       0       6

sg Saturday, 05 January 2019 08:26 AM

දේශපාලකයන්ගෙන් ඈතින් තබන්න.

:       0       0

Rohana Sunday, 06 January 2019 02:09 AM

දේශපාලන මැදිහත්වීම නිසා හිතා මතාම පාඩු ලබන බවයි පෙන්න තිබෙන්නේ............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 898 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 995 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 395 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site