එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති අවසන් යුද්ධයේදී මානව හිමිකම් කඩකළැයි යන චෝදනාව මත වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහ අදාල අංශයන්හි නියමානුකූල වගන්ති අනුව 7031(c) වගන්තිය යටතේ ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම වාරණය කර තිබේ.
වසර 2009 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවති යුද්ධයේදී ශවේන්ද්‍ර සිල්වා මහතා 58 වන බල සේනාංකයේ අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරයන් රට රටවල යන්න උවමනා නැ. ඔබතුමා මෙහාට වෙලා ඉන්න
මානසික පිස්සන් වීරයෝ වන යුගයක ඔබ මට නියම විරුවෙකි. ඔබ ලංකා මාතාවට ණය නැති මිනිසෙකි.
ඔහොම කරන්නෙ නැතිව ඇමරිකාව නව යුද හමුදාපතිට කැමති නැහැ කිව්වනම් හරි නෙ.
ලොව පුරා බොරු වපුරන ටැමිල් ඩයස්පෝරාවේ අය ඔක්කොටම ලංකාවට ඒම තහනම් කරලා, ඔවුන්ගේ ලංකාවේ තියෙන දේපල රාජ සන්තක කරන්න ඕනා.
හමුදාපති තුමාට ඔය දේශයට යන්නම ඕනැද...? වෙන රටවල් නැතිද සංචාරය කරන්න..
මේ තර්කය යටතේ කිසිදු ඇමෙරිකානු හමුදා සාමාජිකයෙකුට ලංකාවට ඇතුල්වීම තහනම් කල යුතුය.
ඇමෙරිකාව මේ ලෝකේ තියෙන එකම රටනම් මේක ප්‍රශ්නයක්. ඒත් තව ඕන තරම් යන්න රටවල් තියෙන නිසා කවුද ගණන්ගන්නේ?
ශ්‍රී ලංකික දෙමල ඩයස්පෝරාවට ඊළාම් කොඩි රැගෙන වීදිවල කිරිබත් කමින් රාජපක්ෂ/රාජපක්ෂ පාලනයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීමේ අවස්ථාවක් ට්‍රම්ප් පාලනය උදාකරදී තිබේ. සමහරවිට මේ තහංචිය වෙනත් කටයුතු වෙනුවෙන් (එම්.සී.සී වැනි), ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට ඇටවූ උගුලක් විය හැක !!!
යන්න මහත්තයෝ රුසියාවට ඉහලින් පිළිගනී.
එසේ නම් සත්‍යවශයෙන්ම යුද්ධයේ ප්‍රණාමය හිමිවිය යුත්තේ මෙතුමටයි.
අපොයි.. මහා වැදගතුන්ගේ රට.. ලෝකෙටම කරන්න පුළුවන් තරම් අමන වැඩ ඔක්කොම කරලා තමන් සුදනා කියලා හිතාගෙන ඉන්න නින්දිත රටකට මේ වගේ විරුවෙක් යන්නේ මොන එහෙකටද..
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුම දෙසට ආණ්ඩුව බලෙන් තල්ලු කිරීමටත් රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා ලංකාවට පැමිණීමත් සමග කුපිතවූ ඇමරිකාව තරවටුවක් ලෙස මේ තීරණය ගත බව විශ්වාස කරමි. එම්.සී.සී ගිවිසුම අධ්‍යයනයට කමිටුවක් පත්කර සාකච්චා පවත්වන්නට ගියහොත් ටිකෙන් ටික ඇමරිකාවේ තර්ජන වලට යටවන්නට රජයට සිදුවන බව නිසැකය. රටක් පළමු අඩිය පස්සට තැබූ පසු බිත්තියට හේත්තු වෙනතුරු රටවල් කොටු කිරීමේ ඇමරිකානු උපක්‍රමයට හසු නොවිය යුතුය. රජය බලවත් මේ මොහොතේ කොන්දේසි විරහිතව ගිවිසුමෙන් වහා ඉවත්වී ඇමරිකාවෙන් එන පිඩනයට මුහුණ නොදුනහොත් වැඩිකල් නොගොස් ඇමරිකානු උගුලේ හසුව රටත් ආණ්ඩුවත් දෙකම අමාරුවේ වැටීම නැවැත්විය නොහැක. වහා එම්.සී.සී සාකච්ඡා වලින් ඉවත්ව එයට මුහුණ දෙන්නට ආණ්ඩුවට ශක්තිය ඇතැයි විශ්වාස කරමි.
ඉරානයට එරෙහිව ඇමරිකාව මානව හිමිකම් කඩකල ඒවා ගැන කවුද කතාකරන්නේ .නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ලෝකේ බොහෝ රටවල් ඇමරිකාවට බයවී සිටීම මෙයට හේතුවයි. ඔක්කොම රටවල් එකතුවෙලා ඇමරිකාව කොන් කලා නම් හරි
ඇමෙරිකාවට නොගියා කියලා එතුමාගේ වැඩකටයුතු කරගෙන යාමට අපහසුවක් තියෙනවාද? නොදන්නා නිසයි අහන්නේ.
ඇයි ඇමෙරිකාවට නොගියා කියලා අපේ හමුදාපතිතුමාගේ කොහේ හරි අඩුවක් වෙනවද? ලෝකෙටම එපා කරපු ඇමෙරිකාවට යන්නේ කවුද කියලා බලන්න. ට්‍රම්ප් හිතන් නම් ඉන්නේ එයා නැතුව ලෝකෙට මුකුත් බෑ කියලා. කොයි වෙලේ හරි කනවා කෑමක් ආයිත් 9/11 වලට එපා වෙන්න.
ඔය ඇමරිකාවට ඕනාකරන ගිවිසුම් අධ්‍යනය හා සම්පුර්ණ වාර්තා සකස් කරන්න දාන්න මෙතුමාව.
තව ලැජ්ජාවක් නැතුව එම්සීසි ගිවිසුම් අත්සන් කරලා අපේ ඉඩම් දෙන්නකෝ මේ අයට. ඊට පස්සේ අපේ රණවිරුවන්ට අපේ රටෙත් ඉන්න නැති වේවි. අනේද කියන්නේ.
මේක තවත් දෙමල ඩයස් ෆොරාවේ උප්පරවැට්ටියක්. ඇමෙරිකාව අපේ රටට කරන තවත් ද්‍රෝහිකමක්.
ඇමෙරිකාවේ යුද්ධ අපරාද සහ මානව හිමිකම් කඩකිරීම් හෙලිකළ, ඇමෙරිකානුවන් අද රුසියාවේ සරණාගතයින් බවට පත්වෙලා ඉන්නවා. ඒ මොකද ඒ ?
මේ තත්වයට මුලික වශයෙන් වගකියන්න ඕනේ ලංකාවේ තානාපති සේවය දුර්වලකම, ආණ්ඩු විසින් තානාපතිසේවය ගැන මෙලෝ හසරක් නොදන්නා අය ඡන්දෙන් පැරදුන දේශපාලකයන් සහ තම හිතවතුන් තානාපති වරුන් වශයෙන් පත්කර යැවීම දැනට දශක කිහිපයක් සිට සිදුවුණා, අදටත් සිදු වෙනවා. අපේ රටට සහ රජයේ නිලධාරීන්ට විරුද්ධ පිටරටවල ඉන්න කොටි හිතවාධින්ට සහ විවිධ සංවිධානවලට බොරු චෝධන නගමින් ඒවා එම රටවල නිතිය ඉදිරියට පවා ගෙන යන්න පුළුවන් එතකොට ඒවාට විරුධව නීතිමය පියවර ගන්න තානාපති සේවය ගැන මෙලෝ හසරක් නොදන්නා තානාපති වරුන් ප්‍රමුක කාර්යමණ්ඩලයට හැකියාවක් නැහැ ,කරුණාකර දැන්වත් තානාපති සේවය විදිමත් කරන්න කටයුතු කරන්න.
ශවේන්ද්‍ර ගේ සමහර කෙරුවාවල් අනුමත කරන්න බෑ. එත් බය වෙන්න දෙයක් නෑ, ගෝටා ට්‍රම්ප් ට කතා කරලා වැඩේ ශේප් කරයි.
අප සියලු දෙනා ශ්‍රීලංකන් ඔහු සමඟ වාඩි වී සිටින බැවින් ඔහුට ඇමරිකානුවන් හෝ ඇමරිකාව අවශ්‍ය නොවේ
ඔය ඇමෙරිකාවට නොගියොත් කෙනෙක් මැරෙනවාද?
අපි ස්වාධින වුනත් ඇමෙරිකාව අකමැති අයට ආරාධනා කරනකොට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. යුද්දේ අවසන් වෙලානම් දැන් අවුරුදු 10 ක් විතර වෙනවනේ.
එම.සී.සී. ගිවිසුමට පක්ෂපාතියි කිව්වා නම් ඔය තහනම ඉවත් කරගන්න පුළුවන්. දැන් ඔය ජනාධිපතිතුමා එහෙම යස අපුරුවට එහේ යන්නේ එන්නේ කිසි තහනමක් නැතුව. ඔය ලෙඩ ඇදපු රොබර්ට් ඕ බ්ලේක් තානාපතිතුමාත් සපෝට් කලානේ ඡන්ද කාලේ.
රට බේරාගත් රණවිරුවාට තහනම් නම් කිසිවෙකු ඇමෙරිකාවට යන්නේ නැතුව සිටිමු.
දැන් එතකොට ඇමරිකාවට නොගියොත් හුස්ම ගන්න බැරි වෙනවා වගේ තත්වයක් ද තියෙන්නේ ?? එම්සිසි එක අත්සන් කලා නම් මේ මුකුත් නැති වෙන්න තිබුනා.
ලොක්කන්ට තමයි ඇමරිකාව නැතුව බැරි. තහනම් නම් කවුරුත් නොගිහින් හිටියානම් නේද හොඳ.
ඇමරිකාවට ඉස්තුති කරමි. ඒ රටට යාම වාරණය කිරීමෙන් ඔහු බේර ගත්තට.