(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම, 2021 ලෝක ශූරතා තරගාවලිය සදහා අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් නෝර්වේ බලා පිටත්ව ගියහ .

මෙම 2021 ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය නෝර්වේ හි ඔස්ලෝ නුවර ඔක්තෝබර් මස 02 දින සිට 10 වන දා තෙක් පැවැත්වීමට නියමිතය .

මෙම තරගාවලියට සහභාගී වීම සදහා කිලෝ ග්රැම් 74 බර පංතිය යටතේ තරග කිරීමට කණ්ඩායම් නායක ලක්මාල් විජේසූරිය, කිලෝ ග්රැම් 65 පංතිය යටතේ ඩිවෝෂන් ප්‍රනාන්දු, කිලෝ ග්රැම් 70 බර පංතිය යටතේ අනිල් මුණසිංහ,  කිලෝ ග්රැම් 79 බර පංතිය යටතේ සුරේෂ් චානක, කිලෝ ග්රැම් 62 බර පංතිය යටතේ නිලූෂි පෙරේරා තරග කිරීමටත්, කණ්ඩායමේ කළමනාකරු ලෙස ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ සහ කණ්ඩායමේ පුහුණුකරු වයි.ආර්.සී.ප්‍රනාන්දු යන මහත්වරුන් ද කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

මෙම ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම අද (30) අලුයම 03.45 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.669 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .

මෙම කණ්ඩායම දෝහා වෙත ගොස් එතැන් සිට නෝර්වේ ඔස්ලෝ නුවර බලා පිටත්ව යාමට නියමිතය.

මෙම ක්‍රීඩා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩා සභාවේ අනුමැතිය අවසාන මොහොතේ හිමි වුවද, ක්‍රීඩා අමාත්‍යාංශයේ මුල්‍ය අනුග්‍රහයක් ලැබී නොතිබුණි.