(යොහාන් භාසුර)

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පදනම් විරහිත අදහස් පළකිරීමෙන් කණ්ඩායම උදාසීන තත්වයට පත්විය හැකි බවත් එවැනි දේවලින් වැළකී සිටින ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ඇතැම් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය විවේචනයට ලක්මින් පළකර තිබූ වාර්තා පදනම් කරගනිමින් එම නිවේදනය නිකුත් කර ඇති අතර කිසිඳු ක්‍රීඩකයකු පිළිබඳව කණ්ඩායම් කළමනාකාරිතවය එවැනි චෝදනාවක් ඉදිරිපත් කරනොමැති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව ඊට පෙර පැවැති එක්දින තරගාවලිය ජය ලබා අයි.සී.සී. ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු ලබා ඉදිරියට පැමිණි බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනය මගින් මතක් කරයි.