දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග් නුවරදී අද පැවැත්වෙන පළමුවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47 ක් අවසානයේදී ලකුණු 231 කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 60 ක් ලබාගත්තේය.
තරගය පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහා https://tinyurl.com/y6cpq9zh වෙත පිවිසෙන්න.
COMMENTS
ශ්රී ලංකාව නැවතත් සුපුරුදු රිද්මයට.
තරංග, ලසිත්, සහ තිසර වැනි "මට මහලු වයසේ, බැරිය වෙන ගායනා පෙරසේ" අයව ඉවත් කල යුතුමයි....
පිත්තේ ඇතුල් පැත්තේ හෝ පිට පැත්තේ පන්දුව වැදී දැවීයාමක් සිදුකර ගැනීම කලාවක් නම් එහි පිකාසෝ උපුල් තරංග වේ.
ඩොලරය තවත් ඉහලට යනවා මේ වුනු අපරාධයට ..
ටෙස්ට් කණ්ඩායම ගෙනාපු රිද්මය කෑවා. තිසර, තරංග හා මාලිංග විශ්‍රාම යා යුතුය. කණ්ඩායම කුසල් ජනිත් පෙරේරාට බාරදිය යුතුය. අනිත් එක ලංකා ක්‍රීඩකයන් දැවී යන්නේ එකම විදියට. අපේ පන්දු යවන්නට කිසිම සැලැස්මක් නෑ සහ දියුණුවක් නෑ. සඳකැන් කණ්ඩායමට ආවේ ඉන්දියාවේ කුල්දිප් ට කලින්. දැන් කුල්දිප් ප්‍රබල පන්දු යවන්නෙක්, නමුත් සඳකැන් එතනමයි. තව උදාහරණ තියනවා. මම කියන්න හදන්නේ කෝච් මොනවද කරන්නේ කියන එකයි.
අපේ අයට ඉවසීමේ ගුණය හුරුකරන්න ඕනේ විශේෂයෙන් පන්දුවට පහරදීමේදී. සමහර ක්‍රීඩකයෝ වයින් කරලා තිබ්බ වගේ. ලකුණු 231ක් කියන්නේ හොද අභියෝගයක් අනෙක් පිලට. නමුත් අපේ අයගේ පන්දු රැකීම, යැවීම, යන අන්ත ඉතාමත් දුර්වල මට්ටමකයි තවමත් පසුවෙන්නේ.