(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතා ඉතාමත් ශක්තිමත් බවද, එම සබඳතා බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමද ඇතුළු බහුවිධ ක්ෂේත්‍ර ආවරණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සන්දර්භයෙහි තබා නොසලකමින්, මේ ආකාරයේ කාරණා, විකෘති කරන ලද අසත්‍ය පුවත් වාර්තාවල විෂය බවට පත්වීම කනගාටුවට කරුණක් යැයි සඳහන් කරන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම සිද්ධිය ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අනුමාන කිරීම්වලට ඉඩ සැලසීමක් සහ ජනතාව අතර අහේතුක බියක් පැතිරවීමටද හේතු වන බවයි.
ශ්‍රී ලංකා ජනපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට ඉන්දියානු බුද්ධි සේවයක් හවුල් වූයේ යැයි කියන බවට පළව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමත්‍යාංශ්‍ය මේ බව කියා සිටී.
තමන් ඝාතනය කිරීම සඳහා කළ කුමන්ත්‍රණයකට ඉන්දියානු බුද්ධි සේවයක් හවුල් වී ඇති බවට චෝදනා කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවත් , මේ සම්බන්ධ මාධ්‍ය වාර්තා පදනමකින් තොර හා සාවද්‍ය ඒවා බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.
රජයේ ඉහළම මට්ටමෙන්ද ඇතුළුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සහ නිරන්තර සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙනයමින්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) උදෑසනද කොළඹ සිටින ඉන්දියානු මහකොමසාරිස්වරයා සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද එම අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ.
(සබැඳි පුවත්)
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා ශක්තිමත්
Bamunuarachchi Thursday, 18 October 2018 08:41 AM
මොකටද ඔය සම්බන්ධතා.
Nuwan Thursday, 18 October 2018 02:58 PM
ඉතින් සාමාන්‍ය ජනයා වන අපිද ඔය වගේ ගොන් කතාවක් කිවේ ..