ශ්රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන දෙමළ ජනතාවගෙන් 85% ක් පමණ ව්‍යාජ ගුවන් බලපත්‍ර සහ ව්‍යාජ වීසා පත් ලබා ගනිමින් එරටට පැමිණෙන බව බ්‍රිතාන්‍යයේ පළවන “ස්කයි නිව්ස් ” ප්‍රවෘත්ති සේවය අද (18) වාර්තා කළේය.
බ්‍රිතාන්‍යයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන අම්බිහෙයි ශීවරත්නම් මහත්මිය එම පුවත් සේවය වෙත අදහස් අක්වමින් මේ බව ප්‍රකාශ කළාය.
නීත්‍යානුකුල ලෙස බ්‍රිතාන්‍යයට පැමිණීමට තිබෙන අපහසුතාව සහ ශ්‍රී ලංකාවේ ජීවත් වීමට ඇති බිය හේතුවෙන් මෙම පිරිස මෙලෙස ව්‍යාජ ගුවන් බලපත්‍ර සහ වීසා මඟින් බ්‍රිතාන්‍යයට පැමිණෙන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන බ්‍රෙක්සිට් ගිවිසුම ඉදිරියේදී ක්‍රියාත්මක කළහොත් මෙම පිරිසට එරට රැකියා අවස්ථා හිමි වන බවත් බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලා ඇති පිරිසට ද ඔවුන්ගේ සිහිනය සැබෑ කර ගත හැකි බවද ඇය පෙන්වා දුන්නාය.
කෙසේ වෙතත් මෙලෙස ව්‍යාජ ගුවන් බලපත්‍රය සහ ව්‍යාජ වීසා පත් ලබා ගනිමින් බ්‍රිතාන්‍යයට පැමිණි පිරිස සැලකූ විට විශාල ශ්‍රම බලකායක් වන බවත්, ඔවුන්ට නීත්‍යානුකූලභාවය ලබා දෙන්නේ නම් බ්‍රිතාන්‍යයට මහත් වැඩදායී පිරිසක් බිහි කර ගත හැකි බවද බ්‍රිතාන්‍ය මානව හිමිකම් ක්‍රියාකාරිනී අම්බිහෙයි ශීවරත්නම් මහත්මිය කියා සිටින්නීය.
නීති විරෝධීව බ්‍රිතාන්‍යයට පැමිණ සිටින නම් සඳහන් නොකළ කාන්තාවක් ස්කයි නිව්ස් පුවත්සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් විවාහ විමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයා එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු බැවින් තමන්ට ලංකාවේ ජීවත් වීමට තිබෙන බිය නිසා මෙලෙස නිතී විරෝධි ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි බවයි.
ඇය මෙහිදී නිශ්චිත කාලයක් පිළිබඳ අනාවරණය නොකරන අතර, ඇයට තවමත් ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවීම අපහසු බව ද සඳහන් කර සිටින්නීය. තමන් නැවත ශ්‍රී ලංකාවට ගියහොත් තමන්ව නිසැකවම ඝාතනයට ලක්වන බවද අදාළ කාන්තාව සඳහන් කර ඇත.
තමන්ට බ්‍රිතාන්‍යයේ ජීවත්වීමට ඉඩ සලස්වා දෙන්නේ නම් ස්වෙච්ඡා ක්‍රියාකාරිනියක් ලෙස බ්‍රිතාන්‍යයට සේවය කිරීමට කැමැත්තෙන් සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
(125)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ ගිය මිනිස්සු අපේ රට විකුණගෙන ජීවත්වෙනවා. මෙහෙ ඉන්න මිනිස්සු දුක් විඳිනවා.
බ්‍රිතාන්‍යයේ පමණක් නොව, අද ඔස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ ඇමෙරිකාවේ වසන බොහෝ ලාංකිකයින් එම රටවලට පැමිණ ඇත්තේ ලංකාවේ ජිවත් වීමට ඇති බිය නිසා නොව, ආර්ථික අපහසුකම් නිසායි.
බලාගෙන ඉන්න ටික දවසකින් රොත්ත පිටින්ම මෙහෙට ඒවාවි, එංගලන්තේ ඉන්න මිනිස්සු වැඩිවෙලා ඒක නිසා තමා ඒගොල්ලෝ යුරෝපා සංගමෙන් ඉවත් වෙන්නේ
ලන්ඩන් විතරක් නෙමෙයි අනිකුත් රටවලටත් ගිහින් පුරවැසිභාවය ලැබෙනතුරු බලන් ඉන්න මිනිස්සු ලංකාවේ ගිනි අවුලන්න බලන් ඉන්නේ ඇයි කියලා කාටත් පැහැදිලියි නේද? සාමය තිබුනොත් මේගොල්ලන්ට දිගටම ඉන්න දෙන්නේ නැහැ. නඩු පරදිනවා.
එංගලන්තෙට පැනලා ඉන්න දොස්තරලාට ලංකාවෙන් නඩු දාන්නේ නැද්ද?
හරිනම් ඔය රටවල තිබෙන ලංකාවේ තානාපති කාර්යාල එම රටේ වගකිවයුතු අංශ දැනුවත් කරන්න ඕනේ දැන් ලංකාවේ සාමය ඇතිවෙලා තිබෙනවා, ද්‍රවිඩ ජනතාවට කරදරයකින් තොරව ලංකාවේ සෑම තැනකම ජිවත් වෙන්න පුළුවන් කියලා, එහෙම කරානම් රටට වෙන අපකීර්තියෙන් මුදවාගන්න පුළුවන්, නමුත් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැහැ. බොහෝදුරට ලංකාවේ තානාපති වෙලා ඉන්නේ පරණ දේශපාලකයෙක්, පරණ හමුදා නිලධාරියෙක්, දොස්තර කෙනෙක් වැනි පුද්ගලයෙක්. ඉංග්‍රීසි ටිකක් කතාකරන්න පුළුවන් වුනාට ඔවුන් තානාපති සේවාවේ කාර්යභාරය පිළිබඳව පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ , හරිම ශෝචනීය තත්වයක්
මේ හොර වැඩ නිසා සිංහල අපිට එංගලන්තයේ ට්‍රාන්සිට් වීසා ලබා ගන්න බැරි තත්වයකට පත්වෙලා.
ඔන්න අතුරුදන් අය එලියට එන කාලේ.
බ්‍රිතාන්‍යයේ විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාවටත් පොලොව පැලෙන බොරු කියාගෙන රිංගා ගත්තු කට්ටියක් ඉන්නවා. රටේ නම කැත වෙන බොරු කියාගෙන මෙහෙට ගොඩ බැහැපු වංචාකාරයන් , හොරුන් , සිවිල් නීතිය කඩපු උදවිය ඉන්නවා. පසුගිය කාලයේ ක්වීන්ස්ලන්තයේ ලාංකික සරණාගතයෙකු ව පැමිණ තැපැල් බෙදන්නකු භාණ්ඩ සොරකම් කර අහු වුනා. එකෙන් මේකෙන් නීතියට අනුව මෙහි පැමිණ රැකියාවක් සොයන උගත් ලාංකිකයෙකුට පාරේ යන්න බැහැ. ලංකාවේ සමහරුන්ට උපන්ගෙයි පිහිටා තිබෙන බොරුවයි වංචාවයි නිසා අවංක ශ්‍රී ලාංකිකයෙකුට සංචාරක විසාවක්වත් නොලැබෙන කාලය වැඩි ඈතක් නැහැ .
දැන්වත් ආණ්ඩුව තානාපති සේවය පිළිබඳව කිසිම දැනුමක් පළපුරුද්දක් නැති පරණ දේශපාලකයෝ, හමුදා නිලධාරීන් මේ තනතුරු වලට යවන එක නතර කර, තානාපති සේවයේ අවම වශයෙන් අවරුදු 15-20 පළපුරුද්ද ඇති දක්ෂ අවංක නිලදාරීන්ට මේ තනතුරු දෙන්න. තවද බටහිර රටවල කරන විදිහට විදේශ සේවය විශ්ව විද්‍යාල වල විෂයක් වශයෙන් ඉගෙනීම ආරම්භ කරලා, එම උපාධිදාරින් තානාපති සේවයේ පහල තනතුරු වලට යොමු කරන්න. ඉන්පසු අවුරුදු 10-15 යනකොට ඔවුන් උසස් වීම ලබලා නිසි තැනකට ඒවි, හැමදාම දේශපාලන අතකොලු යොදාගෙන සංචාර ගිහින් රටවල දියුණුකළ නොහැක, රටක දියුණුවට තානාපති සේවය ඉතා වැදගත්ය.