
( තිළිණි ද සිල්වා )
සෞඛ්‍ය සම්පන්න හා තිරසර ආහාර පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණයන් පිළිබඳව සිය ප්‍රසාදය පලකරන බව ඉන්දීය ආහාර හා කෘෂිකර්මවේදය පිළිබඳ විශේෂඥ දේවින්දර් ශර්මා මහතා කියා සිටී.
එක්සත් ජාතීන්ගේ ආහාර වැඩපිළිවෙළ, සෞඛ්‍ය සම්පන්න තිරසර හා සාධාරණ ආහාර පද්ධතියක් කරා යාමේ අවශ්‍යතාව හඳුනාගැනීමටත් පෙර, ශ්‍රී ලංකාව ඒ සඳහා යොමු වී ඇති බවත් , විශේෂයෙන්ම රසායනික පොහොර සහ පළිබෝධනාශක මෙන්ම ෆාම් තෙල් ආනයනය කිරීම තහනම් කිරීම සහ කාබනික වගා සඳහා කෘෂි ව්‍යාපාර දිරිමත් කිරීම සම්බන්ධයෙන් වන තීරණ ඒ අතර කැපී පෙනෙන බව ඉන්දීය ආහාර හා කෘෂිකර්මවේදය පිළිබඳ විශේෂඥ දේවින්දර් ශර්මා මහතා 'ට්‍රිබියුන් ඉන්දියන්' පුවත්පතට ලිපියක් ලියමින් මේ බව සදහන් කර සිටී.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වර්තමානයේ රට මුහුණ දී ඇති විවිධ ආර්ථිකමය අභියෝගයන්ට සාර්ථකව මුහුණදෙමින් සිටින බවද කෘෂි විශේෂඥ දේවින්දර් මහතා එමගින් පෙන්වා දේ.
රට තුළ ව්‍යාජ ලෙස ආහාර හිඟයක් නිර්මාණය කීරීමට ඇතැමුන් ගන්නා උත්සාහය හමුවේ වුවද, ජනාධිපතිතුමා කාබනික පොහොර සඳහා වූ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට නොසැලී ක්‍රියා කිරීම පිළිබඳව අගය කල යුතු බවද ඒ මහතා කියා සිටි.
තිරසර ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා යන මේ ගමනේ අතර මග පැමිණෙන බාධා සියල්ල තාවකාලික හා විසඳිය හැකි ප්‍රශ්න බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලොවටම නිහඬව ප්‍රකාශ කර ඇති බව ත් , විවිධ දුර්මත සහ සමාජය නොමග යැවීමට උත්සාහ ගන්නා ඇතැම් දේශපාලනඥයින්ට මෙය තේරුම් ගැනීමට අපහසු වුවද බුද්ධිමත් පුරවැසියන් හා ලෝක ප්‍රජාව දැනටමත් මේ දැක්ම පිළිගෙන අවසන් යැයිද බව ඉන්දීය ආහාර හා කෘෂිකර්මවේදය පිළිබඳ විශේෂඥ දේවින්දර් ශර්මා මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දේ.
COMMENTS
සල්ලිවලට නොවේනම් ටිකක් ඔලුව බලාගත්තොත් නරකද.
අනේ, මොනවට කියනවද ඔය ප්‍රශංසාව ගැන? අසල් වැසියන්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන දකුණු ආසියානුවන් ගැන, මේ ලංකාවේ අපිට ආයේ අමුතුවෙන් උගන්වන්නත් ඕනද? රටේ මෝඩයින්ට නම් ඉතින් මේ පුහු වර්ණනා ආඩම්බර වීමට තරම් කාරනා තමයි. අපට නම් ඉතින් හිනා යනවා
ඇතැමුන්ට ඉහත ලිපිය වේදනාව ගෙන දෙන ලිපියක් වේවි. එහෙත්, නිවැරැදි දැක්මක් සමගින් රටේ ඇතැම් අංශ ඉදිරියට යන අයුරු සැබැවින්ම බුද්ධිමත් ජනතාව තේරුම් ගනිමින් සිටියි. ඒ නිසාදෝ මන්දා කකුලෙන් අදින අයට මහජන සහයෝගයක් නැත්තේ.
වේලක් ඇර වේලක් කනකොට ස්ථුල භාවයත් අඩු වෙනවානේ
සමහරවිට පවුල් පාලනේ ගැන වෙන්ඩ ඇති කියන්නේ ? මේ වෙනකොට නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරලා, රට චීනටත් පුජා කරලා තියෙන්නේ ?
බහුජාතික සමාගම් වල සල්ලි වලට කෙල හලන බද්රානි, නිමල් වගේ අපතයන්ට හිත් වේදනාවට ලියවෙන දේවල් වලට අනුකම්පා කරනවා මිස වෙන මොනවා කරන්නද? ගොන් බූරුව නේ.. වස විසෙන් තොර ආහාර සැපයීම තුලින් නීරෝගී, සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීමේ වැඩ පිළිවෙලට අකුල් හෙලන 3% ජෙප්පො උඩු බුර ලෑවට රට ආපස්සට යන්නෙ නෑ..
දේවින්දර් ෂර්මා අංගොඩ විය හැකි අතර ඉන්දියාවේ නොවේ.
මේ වියතාගේ වියත් බව හිතාගන්න පුළුවන්..