ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු සතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත්කිරීමේ උත්සවය පෙබරවාරි 26වන දින ප.ව. 2.00ට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා යන කුළුබඩුවල සිතුවම් ඇතුළත් රු. 15.00 බැගින් වූ මුද්දර සතරක් මෙහිදී නිකුත් කෙරේ.
මෙම අවස්ථාවට තැපැල් සේවා හා මුස්ලිම් අගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.
පාලිත ගුණසිංහ මහතා විසින් මුද්දරවල සිතුවම් නිමවා ඇති අතර මුල්දින කවරයේ නිර්මාණ ඉසුරු චතුරංගගෙනි.
(ඡායාරූප - ගයාන් ලසන්ත)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" කොහෙන්වත් ගෙනාපු හොර කුළු බඩු සහ කසල තේ " වලිනුත් මුද්දරයක් එනවද ..?
එ්ක හොඳයි. ලංකාවට එන සංචාරකයින් කුළුබඩු වතු බලන්න යනවා.
මුද්දරේ ගැහුවට මදි. ඉඟුරු, ගම්මිරිස් මිල බල්ලට ගිහින්...
ඇයි අපේ ලොක්ක වියට්නාමෙන් ගෙනාපු ගම්මිරිස්, කරුංකා ගෙඩියි නැතිද...? ඒ ගම්මිරිස් වැල්වල එල්ලිලා මැරිච්ච අසරණ ගොවියන්ගේ චිත්‍රයකුත් මුද්දරේට දාන්න...
ශ්‍රී ලංකාවේ කුළුබඩු ටිකත් මුද්දරයට ගියොත් එ්කෙන් පහර වදින්නේත් ගෘහණියටයි !!! හේ! හේ!!! කුඩා ප්‍රමාණයේ කුළුබඩු පැකට් සිත්ගන්නා ඇසිරුම් වල බහා සංචාරකයන් වැඩිවශයෙන් ඇදී එන පළාත්වල සංචාරක හෝටල් මගින් ඒවා සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම අසීරු කරුණක් නොවෙයි. දැනට අලෙවි කරන කුළුබඩු පැකට් සංචාරකයන්ට අනවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල ඒවා බව මා කිහිපවිටකදී දැක ඇත. ඔවුන් ඒවා මිලට ගන්නේ අප මෙන් මාළු ඇඹුල්තියලක් හෝ කිරි හොද්දක් හැදීමට නොවන බව ඒවා පැකට් කරන අය නොහිතීම කණගාටුවට කරුණකි! මල්මාලා මෙන් මෙවැනි කුළුබඩු පැකට් බෙල්ලේ එල්ලාගෙන සංචාරකයන්ගේ ඇඟේ ගැහීමට වළිකන "ඇවිදින කුළුබඩු කඩවල්" මා කිහිප විටකදී දැක ඇත්තෙමි! මා පදිංචි මේ රටෙත් "අයිෆල් කුළුණු" වැනි සංචාරක සිත් ඇදගන්නා ස්ථාන ගෙලවටා එල්ලාගෙන සංචාරකයනට හිරිහැර කරන වෙළඳුන්ට පොලිසියෙන් නම් කිසිම සමාවක් නැත!
මෙහෙම ගිහින් ලංකාවේ ඉන්න බදු වලටත් මුද්දර ගහයිද දන්නැහැ...?
මුද්දරේ ගැහුවට ගොවියාගේ බඩ පිරෙයිද?
2015-2019 වෙනකන් ගහපු මුද්දර ඇති.
ලංකාවේ කුළුබඩු බෝග වවන්නේ ගොවියෝ.. මේ අය වයසට ගියාම දෙන විශ්‍රාම වැටුප මාසයක් කන්න රුපියල් 1200.. ඒකටවත් ඔය මුද්දර ගහන්න වෙනස කරන මුදල යොදවන්න බැරිද?
කුළුබඩු ගොවියෝ, එළවළු ගොවියෝ... අසරණවෙලා ඉන්නේ.. මේ අය හදන්නේ දොදොල් හැඳිගාන්නද?
කුළු බඩු බෝග වවන ගොවියෝ නම් දැන් එන්නේ නෑ..... ආණුඩුව මුද්දරේ ගහන දවස එනකම්...