ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලීඩ්ස්හි හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් (113) සිය මංගල ලෝක කුසලාන ශතකය ලබාගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට තිසර පෙරේරා එක්වී තිබෙන අතර ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
ඉන්දීය පිලේ වෙනස්කම් දෙකකි. වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි සහ යුෂ්වේන්ද්‍ර චාහල් විවේක ගන්වා සිටින අතර ඔවුන් වෙනුවට රවීන්ද්‍ර ජදේජා සහ කුල්දිප් යාදව් ඉන්දීය පිලට කැඳවනු ලැබ සිටිති.
තරගයේ සජීවී විස්තර සඳහා https://tinyurl.com/y5kggsem වෙත පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ අපේ ක්‍රීඩකයෝ IPL යන එක නතර කරොත් හොඳයි.