IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවට විශාල පරිමාණයේ භූ කම්පා තර්ජන නැහැ

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකාව පිහිටා ඇති භූ තලය අනුව විශාල පරිමාණයේ භූකම්පන තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ නැතැයි භූ විද්‍යාව සම්බන්ධව ආචාර්ය මහාචාර්යවරු පිරිසක් ඊයේ ( 23 )  අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව හා භූකම්පන අවදානම සම්බන්ධව භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පවත්වනු ලැබූ විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී මේ බව හෙළි කරනු ලැබීය.  

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ ගණනාවකින් වරින්වර ඇති වූ සුළු භූ කම්පන තත්ත්වයන් නිසා ඉදිරියේ දී ශ්‍රීලංකාව තුළ විශාල ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇති වීමට හැකියාවක් තිබේද යන්න සම්බන්ධව කරුණු පැහැදිළි කර ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විනි.

ඊට අප රටේ භු විද්‍යාව පිළිබඳ ඉහළ දැනුමක් ඇති ආචාර්ය මහාචාර්යවරු රැසක් සහභාගි වූහ. මහාචාර්ය අතුල සේනාරත්න, මහාචාර්ය එල්. ආර්. කේ. පෙරේරා, ආචාර්ය එන්. පී. විජයානන්ද, ආචාර්ය බර්නාඩ් ප්‍රේම් මහතා සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන බන්දුල කන්දරගම මහතා ද ඊට සහභාගි විය. GSMB සභාපති අනුර වල්පොල මහතා මෙම වැඩ සටහන මෙහෙයවනු ලැබීය.

මෙහිදී අදහස් පළ කළ සියලු ආචාර්ය මහාචාර්යවරු අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු- ඕස්ට්‍රේලියානු භූ තලයේ මධ්‍යයට ආසන්නව නිසා සුළු සුළු භූකම්පන තත්ත්වයන් ඇතිවිය හැකි වුවත් විශාල පරිමානයේ භූකම්පනයක් ඇතිවිමට ඇති හැකියාව ඉතාමත් අල්ප බවය.

දැනට සිදුව තිබෙන සියලු භූමිකම්පාවලින් සියයට 98ක්ම සිදුව තිබෙන්නේ භූ තල මායිම් ආශ්‍රිතව වන බවත් තට්ටුතල මායිම්වලින් බැහැරව සිදුවන භූමිකම්පන ප්‍රමාණය සියයට 02ක් බවත්  එමනිසා අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති වුවත් භූමිකම්පා වලින් ආරක්ෂාවීම සඳහා ගත හැකි තාක්ෂණික පියවර ගැනීම සුදුසු බවත් එම විද්වතුන් අවධාරණය කර සිටියහ.

දැනට මහකනදරාව, පල්ලෙකැළේ හා හක්මණ හා බුද්ධංගල භු කම්පන මධ්‍යස්ථාන 04ක් පිහිටුවා ඇති අතර ඉදිරියේ දී බස්නාහිර හා වයඹ පළාත තුළ තවත් දෙකක් ස්ථාපිත කිරීමට යෝජිත බව එහි දී හෙළි වූ අතර ඒ අනුව භු කම්පන සම්බන්ධව සාර්ථක දත්ත එක්රැස් කර ගැනීමක් තවදුරටත් සිදු කළ හැකිවේයැයි එහි දී අදහස් දැක්වු භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා කියා සිටියේය.



අදහස් (1)

ශ්‍රී ලංකාවට විශාල පරිමාණයේ භූ කම්පා තර්ජන නැහැ

කල්පනා Friday, 24 September 2021 03:20 PM

භූ කම්පන නැතත් වැව් බැමිවල ජොගින් පාක් හදවන විටත් අලිමංකඩවල් හරස්කර වාහන පුහුණු අංගන සෑදීමට යාමෙන් අසරණ ජනතාව පීඩාවට පත්වනු දැනීමෙනුත් සංචාරකයින්ට යාමට ජොගින් පාක් හදද්දී හදිසියේ රෝගියෙකු රෝහලට ගෙනයාමට දරුවන්ට පාසල් යාමට මාර්ගයක් නැතිව අසරණව සිටිනවා.. දැකීමෙනුත් ගොවිතැනින් ජීවත්වන ජනතාවගේ ගොවිබිම් මහා පර්මාණ වගාවන්ට දෙනවිටත් හදවතේ දැඩි කම්පනයක් ඇතිවෙනවා..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 324 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2140 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1621 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site