(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවට අලුතින්  පත්කෙරුණු  තානාපතිවරු 11 දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති  කාර්යාලයේදී  ඊයේ (21) පස්වරුවේ සිය අක්තපත්‍ර  බාර දුන්හ.

ජනාධිපතිවරයාට මෙසේ අක්ත පත්‍ර බාර දුන්නේ ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝර්දානය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය, හංගේරියාව, මොරිටේනියාව, ටියුනීසියාව, ආජන්ටිනාව, ඩොමිනික් ජනරජය, ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහා  පත් කෙරුණු තානාපතිවරු එකොළොස් දෙනා සහ සියෙරා ලියෝන්, රුවන්ඩාව, බොස්ට්වානා, මෝල්ටාව, ගයානා ජනරජය සහ නයිජීරියාව සඳහා පත් කෙරුණු මහකොමසාරිස්වරු හය දෙනා වෙති.

සියෙරා ලියෝන්හි මහ කොමසාරිස් ලෙස අර්නස්ට් මයිම්බා 

ජෝර්දාන තානාපති  මොහමඩ් අල් - කේඩ්

ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජයේ තානාපති  චෝයි හුයි චෝල් 

රුවන්ඩාවේ මහ කොමසාරිස්  මුකන්ගිරා ජැකලීන්

බොස්ට්වානා මහ කොමසාරිස් ගිල්බර්ට් ශිමේන් මැන්ගෝල්

මෝල්ටාවේ මහ කොමසාරිස්  රූබන් ගව්චි

හංගේරියාවේතානාපති ලෙස අන්ද්‍රෙස් ලස්ලෝ කයිරලි

මොරිටේනියාවේ තානාපති  මොහමඩ් අහමඩ් රාරා

ටියුනීසියාවේ තානාපතිනි  හයෙට් ටැල්බි බිලෙල් 

ආජන්ටිනාවේ තානාපති  හියුගෝ හවියෙර් ගෝබි 

ගයානා ජනරජයේ මහ කොමසාරිස් ලෙස චරන්දාස් පර්සාද්

ඊජිප්තුවේ තානාපති  මගෙඩ් මොස්ලේ 

නෆෙයිඩොමිනිකා ජනරජයේ තානාපති  ඩේව්ඩ් එමැනුවෙල් පග් 

නයිජීරියාවේ මහ කොමසාරිස්  අහමඩ් සුලේ

ඉන්දුනීසියාවේ තානාපතිනිය  දේවි ගස්ටිනා ටොබින්ග් 

ස්පාඤ්ඤයේ තානාපති  හෝසේ මරියා ඩොමින්ගස් 

ස්ලෝවේනියාවේ තානාපතිනි මටේජා ගෝෂ්  මහත්ම මහත්මීහු මෙසේ අක්තපත්‍ර භාර දුන්හ