(ඩයනා උදයංගනී)
ශ‍්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවු බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට හා නීතිපතිවරයා වෙත යොමු කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, ශ‍්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පෞද්ගලික සමාගම යන ආයතනවල 2006 වසරේ ජනවාරි මස පළමු වන දින සිට 2018 වසරේ ජනවාරි 31 වැනිදා දක්වා සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විතව මෙම කොමිෂන් සභාව පත්කරනු ලැබිණි.
එම කොමිෂන් සභාව විසින් විවිධ පාර්ශව වලින් ලබාගත් ලිඛිත හා වාචික පැමිණිලි සහ වෙනත් තොරතුරු පරීක්ෂා කර බලා නිර්දේශ 32 ක් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.
COMMENTS
ජනාධිපතිතුමා ඔය කොමිසම පත්කරපු දවස්වල හිටිය මතයේ නෙවෙයි දැන් ඉන්නේ. ඉතින් ඔය වාර්තාව නීතිපතිතුමා ළඟ පුස්කයිද දන්නේ නැහැ..
ඔය ජනපති කොමිසම අමු ප්‍රෝඩාවක්. අද වෙනකොට ජනපති කොමිෂන් කීයක් රටේ තිබුණද? කීයක වාර්තා එළියට දැම්මද? කී දෙනෙකුට දඬුවම් කර තිබේද? ඔහොම ජනතාව රටටන අය යළි ඉපදෙන්නේ වව්ලන් වෙලා එල්ලී ජීවත්වෙන්න...
පාර්ලිමේන්තුවට සහ මහජනතාවට වහාම ඉදිරිපත් කරන්න. මහජන මුදලින් කල කොමිෂන් වාර්තා මහ ජනතාවට ලබාදීම අත්‍යවශ්‍යය. නීතිමය කටයුතු කිරීම වෙනත් කාරණයකි. දෙකම සමාන්තරව සිදුවිය යුතුය .
පහුගිය රජයේ බරපතල වංචා 33 අදාල විමර්ශන කොමිසන් වාර්තා නීතිපති ළඟ ඵලවෙනවා නේද තාම? මහබැංකු කොමිෂන් වාර්තාවේ හන්ගගත්තු පිටු එක්ක ඒ වාර්තාව එළියට නොදාන්නේ මන්ද? ජනාධිපතිතුමා පත්කරපු පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම් වාර්තාව ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි..?
මේ මුදල් සොරකම් සුළුපටු නැහැ. බිලියන් ගණන් ගිලලා තියෙන්නේ පවුල් පාලනයෙන්. මේවා මහ හෙනගහන අපරාධ... ඔය ජනපති කොමිසම අමු ප්‍රෝඩාවක්... ඔය කොමිසම්වලට වියදම් කරන මහජන මුදල් අපරාදේ.