
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පන් දහස් අටසියයකට වැඩි මුදලක් ගෙවීමට ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙම හිඟ මුදල මේ වර්ෂයේ අප්‍රේල් මස සිට සමාන මාසික වාරික දොළහකින් ගෙවීමට එම ආයතනය එකඟවී ඇති බවත් ගුවන් තෙල් සැපයීමේ ඉදිරි ගිවිසුම් අත්සන් කිරීමේදී රුපියල් කෝටි 600ක වටිනාකමකින් යුතු බැංකු ඇපකරයක් ලබාගැනීමට කටයුතු යොදා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය .
ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් අය අයවිය යුතු හිඟ මුදල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති අමාත්‍ය අනුකමිටුවේ මැදිහත්වීම සහිතව අයකරගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් පවතින බවද හෙතෙම කීවේය .
වැඩි මිලට මිලදී ගෙන අඩු මිලට තෙල් ලබා දීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලාභ ලැබීමට මූලික හේතුව බවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිස්සුන්ටත් ණයට තෙල් දෙන්න.
කරුණාකර මේ ශ්‍රී ලංකන් ගුවන්සේවය කියන අට මගලය වසා දමන්න. රටකට අනන්‍ය ගුවන් සේවයක් තිබිය යුතු බව සත්‍යයි නමුත් සියල්ල නැතිවීයන කල මේ සුදු අලියා ඔසවාගෙන යාම මහජනයාගේ කරපිට පැටවීම ඉතාම පිළිකුල් සහගතයි. මෙය සුපිරි කීපදෙනෙකුට ඉහළ වැටුප් ගෙවමින් කරනා ජාවාරමකි. ගුවන් යානයකට නගිනවා තබා දැකීමටත් නොහැකි ජනතාව මේ නාස්තියට දඩ ගෙවති. තම තමන්ගේ නැදෑ හැත්ත බුරුත්ත ඔබවා මේවා ගොඩගැනීමට නොහැකි ලෙස අගාධයක ගිලී ඇත..
හන්දියක් හන්දියක් ගානේ නවත්තන් ඉන්න ප්ලේන්වලට තෙල් ගහලා වෙන්න ඇති පාඩුවෙලා තියෙන්නේ... මස්සිනාව දාලා නැත්තටම නැති කරපු එක ගොඩගන්න වෙන්න ඇති බැසිල් මල්ලිව ගේන්න ඇත්තේ ජාතියේ අප්පොච්චි...
ගුවන් සමාගම පාඩු ලබන්නේ දූෂිත ගණුදෙනු නිසයි. ඒ වුණාට සමාගමෙන් අපි ක්‍රෙඩිට් කාඩ් මගින් ඔන්ලයින් ටිකට් පතක් ගන්න ගියාම ගත්ත මිනිස්සුන්ගේ පැටිකිරියත් හොයලා දුන්නේ නැත්නම් මගියගේ ගමනත් නවත්තනවා. අනිත් ගුවන් සමාගම්වලින් ටිකට් ගත්තම එවැනි අතිරේක විස්තර කිසිවක් ඉල්ලන්නේ නෑ. ගසාකන මිනිහා සමාගම පාලනය කරනකොට ගුවන් මගීන් ගැනත් සැකයෙන් බැලීම අරුමයක් නොවෙයි...
එකෙක්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 31ක් ලු... ලක්ෂ 20ට වැඩි වැටුප් ගන්න 80 ක් විතර ඉන්නවලු...!!! ඒ මදිවට දවසකට මිලියන ගාණක් පාඩුයිලු... එදා වේල හොයාගන්න බැරුව දුක්විඳින අසරණයින් කොච්චර මේ රටේ ඉන්නවාද? මේක මහා අපරාධයක්... වහාම මෙය අහෝසි කරන්න...