අයි එස් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ බවට චෝදනා ගොනු කරමින් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන නිදහස ලැබු ශ්‍රී ලාංකික සිසුවකු වන මොහොමඩ් කමාර් නිසාම්ඩීන්ගේ සිදුවීමට සම්බන්ධ යැයි සැක පිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකු වන උස්මාන් කවාජාගේ සොහොයුරු වන අර්සාලන් කවාජා නිව් සවුත්ලන්ඩ් පොලීසිය අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.
එරට අගමැති අතුළු ප්‍රභූන් ඝාතනයට තැත් කළේ යැයි නිසාම්ඩීන්ට එරෙහිව නඟා තිබු චෝදනාවයි.
ආචාර්ය උපාධි අපේක්ෂකයකු වන 25 හැවිරිදි මොහොමඩ් කමාර් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ යැයි චෝදනා ලබමින් පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.
මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු එම චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකි වීමෙන් ඇප ලබා සිටියද අනතුරුව ඔහු නිවැරදි බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම චෝදනා වලින් නිදහස් කිරීමට එරට පොලිසිය කටයුතු කර තිබිණි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නෑ.......... සාමයේ පණිවිඩයට තමන්ගේ යාලුවෙක්නෙ අහු කරලා තියෙන්නේ.