(හර්ෂණ තුෂාර සිල්වා)
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ලබාදුනහොත් තමන්ගේ ධූර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී අද පස්වරුවේ පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී තරුණයකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.
‘‘මම හතරදෙනෙකුට මරණ දඬුවම දෙන්න අත්සන් කළා. මා ගත් මේ තීරණයට එරෙහිව විවිධ දේශපාලන විරෝධතා ආවා. සමහරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මරණ දඬුවමට පක්ෂව ඒ තීරණය ආවොත් දඬුවම ක්රියාත්මක කරනවා.
ඒ වගේම රෝයල් පාක් සිද්ධියේ විත්තිකරුට ජනාධිපති සමාවදීමටත් සලකා බලාගෙන යනවා. ඔහු ඒ වරද කළේ වයස 19 දී. දැන් ඔහුගේ වයස 32 ක්. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා‘ යැයිද පැවසීය.
COMMENTS
මේ ප්‍රවෘත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට කලින් මෙයාගේ ධුරකාලය අවසන් වේවි...!!!
මේක කොන්දක් තියෙන මිනිහෙක් කියන කතාවක්ද කියා 8 පන්තියවත් පාස් නැති ඕනෑම ගොබ්බයෙකුට වුණත් පැහැදිලි වෙනවා..! තව සති කිහිපයකින් රටේ උත්තරීතර පදවියෙන් පිටවී යාමට සිදුවී තිබෙන මෙවැනි අවස්ථාවක තව වෙට්ටුවක් ශ්‍රේෂ්ඨාධිකරණය පිට පටවා තමා සුද්ධවන්තයෙක් බව රටටම පෙන්වීමට මේ කරන නින්දිත උත්සාහය පිළිකුලෙන් හෙළා දැකිය යුතු වෙනවා. එහෙනම් මරණ දඬුවම අත්සන් කලේ මොන මගුලකටද?
මෙම අධිකරණය හෑල්ලුවට ලක් කිරීම දඬුවම් ලැබිය යුතුම වරදක්.... තමන්ගේ තනතුරට හිමි අදාළදේ කරන්න වගකීමකින් තොරව අධිකරණය විමසනවා. අදාළ නැති දේ හිතුවක්කාරවම කරල දානවා...
මරණ දඬුවම අධිකරණය තීරණය කළා. ඔබ අත්සන් කළා. දැන් මොකක්ද මේ කියන බයිලාව වැඩේ කරන්නේ නැතිව...?
එඩිතර පියවරක්. සමහර මෝඩයින්ට මේවා තේරෙන්නේ නැහැ.
අධිකරණයේ තීන්දුව දීලා තිබෙනවා ජනාධිපති නියම කරන දිනකදී එල්ලලා මරන්න කියලා... මේ දඬුවම ක්‍රියාත්මක කරන්න ඇත්තටම මෙතුමාට අවශ්‍යතාවයක් තිබුණා නම්.., කරන්න තිබුනේ ලියකියවිලි ටික ගෙන්න ගෙන අත්සන් කරලා බන්ධනාගාරයට යවන එක... එ්ක එහෙම නොකර බොරුවට අවුරුදු ගණනක් රට වටේ කියව කියවා ගිය කුඩුකාරයන් එල්ලනවා කියලා... ඊට පස්සේ වැඩේ අවුල් වුණාම කිව්ව ලිපිගොනු නැහැ කියලා, ඒවා හොයලා දුන්නට පස්සේ බොරුවට පාර්ලිමේන්තුවේ ගෝලයෝ ටිකක් දමලා එ්ක නොකෙරෙන තැනට තව නාඩගමක් නැටුවා.
තමා කරපු සියලු වැරදි වලට තවත් එකතු කර ගැනීමක් තමයි හතරදෙනෙකුට මරණ දඬුවම දෙන්න අත්සන් කළා කියන එක.
අපි බලමු ජාවාරම් කාරයො දිනයිදනැත්නම් මෙයා දිනයිද කියලා.
දුමින්ද සිල්වාට දෙන මරණ දඬුවම ගැන වෙන්න ඇති මේ කියන්නේ?කරන්න පුළුවන් දෙයක් කියන්න මහත්තයෝ. හිතාගෙන ඇති අපිත් ඒ වගේ ගොන් බුරුවො කියලා?
මරණ දඬුවම, මරණ දඬුවම, මරණ දඬුවම. හැමදාම මේ බණේ කියන්නේ. කරන්න බැරිනම් නිකමෙක් විදියට පියාගෙන ඉන්නකො.
කමක් නෑ අර පවරා ගත්තු මන්දිරය තියලා යන්න..පුලතිසි ගිහිල්ලා රිලැක්ස් එකේ ඉන්න...
තමන්ට හීනෙන්වත් ලබාගත නොහැකිවූ මේ "රාජකීය" පදවියට ගොඩවීමට අත හිත දුන් සියලු දේශපාලන පක්ෂවලට කොකා පෙන්වා ලබාගත් නින්දිත තත්වයත්, ලක්ෂ 62ක චන්ද දායකයන්ට පස්ස හරවා ඔවුන්ගෙන් ලබාගත් ගැරහුම්, අපහාස පොට්ටනියත් මදිද හතර අපායකටම යන්න ? දැන් ඒ මදිවට මිනිසුන් ගස් යවා ඒ පවත් එකතු කර හත්විට ඔහේ යන තැන අපට සක්සුදක්සේ පේනවා !
හිල්ටන් එකේදිනේ කිව්වේ මේ කතාව, කරටිය කැඩෙන්න ගහන්න ඇති නේද?
රෝයල් පාර්ක් සිද්ධියෙන් මිය ගිය ගෑණු ළමයා අද හිටියා නම් එයත් අවුරුදු 30ක විතර ළමයි ඉන්න අම්මා කෙනෙක්. ආචාර්ය උපාධියක් ගත්තම මිනීමැරුමෙන් නිදහස් වෙන්න පුලුවන්ද? මැරුණු මනුස්සයාට සාධාරණය කොහෙද? පවුලේ අයට... ඔය කියන මිනීමරුවගේ තාත්තා කෝටිපති ව්‍යාපාරිකයෙක්. සල්ලිවලට ලොකු ලොකු තැන්වල ඇඳුරුම්කම්වලට නීතිය 2ටම කැඩෙන හැටි...
මරණ දඬුවමට එරෙහිව නඩු දැම්මේ කව්ද?
ජනාධිපතිවරයාගේ තනි අභිමතය පරිදි හෝ බලපෑම් මත වරදකරුවන් නිදහස් කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ඇති අතීත පූර්වාදර්ශයන් ඉතාමත් නින්දිතයි. ස්වාධීන මණ්ඩලයක් විසින් කරනු ලබන නිර්දේශයන් මත පමණක් එය කළ යුතු බව මගේ මතයයි. ජනාධිපතිවරයා දේශපාලන චරිිතයක් බැවින් මෙහිදීී අවභාවිතාවන් සිදුවීමේ ඉඩක් පවතිනවා. තවද අවුරුදු දහනවයෙන් හිරේගිය කෙනෙකු දැන් අවුරුදු 32ක් නිසා නිදහස් කිරීම යුක්ති සහගතද? එම වයස් සීමාව තුළට වැටෙන සියලුම දෙනා නිදහස් කරනවාද?
අද රටේ මනුස්ස ජීවිතයකට කිසිම වටිනාකමක් නැහැ. මිනිස්සු හිතන්නේ නැතිව අනෙකාගේ ජීවිත විනාශ කරලා දානවා. මේක නවතන්න නම් මරණ දඬුවම අනිවාර්යයෙන්ම ඕනේ..
වැඩ බැරි ටාසන්...
බමුණුආරච්චිට නීතිය ගැන පුදුම දැනුමක් තියෙන්නේ. උසාවියක් ළඟින් ගිහිල්ලා නැද්ද?
මම මේ හාදයට කත් අදිනවා නෙවෙයි. මෙතැන තියෙන කොස්ස තමයි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධව මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබීම... එසේ ඇතිවිට එම නඩුවෙන් ලැබෙන තීන්දුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙයාටත් බලා ඉන්න වෙනවා. එම නඩුවේ තීන්දුව ලැබෙන තෙක්...
මම නම් අහලා තියෙන්නේ විධායක ජනාධිපතිකම ගෙනාපු වෙලාවේ ජේ.ආර්. කිව්වේ ගැහැණියෙක්, පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගැහැණියෙක් කරන්නයි විතරයි. මේ නීතියෙන් බැරි අනිත් හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා..
නරකද හොඳ ඉස්පිරිතාලයකට ගිහින් පිට කොන්ද තියනවද කියලා...? එක්ස්රේ පරීක්ෂාවක් කර ගත්තොත්.. රට්ටු හිනස්සන කතා කියන්න එපා.
මඩ හෝදා ගත් කල ගොවියා රජවීමට සුදුසු යයි කියමන අමු බොරුවක්... මේ වගේ කටෙන් බතල හිටවන ගොවියෙක්ට තමය් අපි අහුවුනේ... නොවැම්බර් 16න් පස්සේ ජනාධිපති තාත්තා 2වැනි කොටස ලියන්න වැඩක් නැත්නම්... අපිව අයෙත් මුලා කරන්නේ නැතුව...
ඕනෑම පුද්ගලයෙකු මරණයෙන් නිදහස් කර ජීවිතය ගැන සිතීමට අවස්ථාවක් ලබාදීම සඳහා අභයදානය දීම ඇගයීමට වටී. නමුදු ආචාර්ය උපාධිය මිම්මක් කර නොගත යුතුයි.
අනේ එපා...
යන්න කලින් ඕක කොහොමහරි කරන්න.
ද සිල්වා මයා. මටත් තේරෙන්නේ නැත්තේ මේක තමයි. මරණ දඬුවම පනවන්නේ අධිකරණයෙන්නෙ. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න ආයිත් අධිකරණයෙන්ම අහන්නේ මොකටද ?
මාසයේ වැටුප x 12 x වසර 5. ජනපතිතුමාණෙනි, මේ ලබාගත්ත වැටුප ගැන සිතා අඩුම වශයෙන් මේ දේවත් කරන්න. නැත්නම් ඔබ ගන්න විශ්‍රාම වැටුපට අකුණු වදින්න පුළුවන්...
වැඩ බැරි මිනිහට විධායක ජනාධිපතිකම තිබ්බත් වැඩක් නෑ. හිතාගන්න පුළුවන් මෙච්චර කල් කෘෂිකර්ම ඇමති වෙලා ඉඳලා කරපු කෙරුවාව ගැන...
මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න යන්නේ තවත් මිනීමරුවෝ නිදහස් කරමින්ද?