
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
චීනයෙන් ආනයනය කරන ලද හානි කර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බව කියන කාබනික පොහොර මෙරටට ගොඩ නොබාන බවට විෂයභාර ඇමැතිවරයා අධිකරණයට පොරොන්දුවක් ලබා දීමට සූදානම්දැයි යන්න විමසා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (11) නීතිපතිවරයාට දැනුම් දුන්නේ ය.
මෙරටට කාබනික පෙහොර ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් සහ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි නිලධාරීන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම කරන ලදි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි .
එහිදී පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සදහන් කලේ චීනයේ කුවන්ඩෝ සමාගමෙන් ආනයනය කර ඇති බවද ඒවා පරීක්ෂා කිරීමේදී පසට හානිකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට අනාවරණය වූ බවය.
එම ජීවීන් මෙරට පසට එක් වුවහොත් විශාල හානියක් වන බවට පරිසර විද්‍යාඥයින් අනතුරු ඇඟවීම් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
එම පොහොර තොගය මෙරටට ගොඩබෑමට ඉඩ නොදීමට රජය තීරණය කර ඇතිබව අතිරේක සොලිසිටර් සුසන්ත බාලපටබැදි මහතා සඳහන් කළේය.
එසේවුවද එම පොහොර තොගය කුමන මොහොතක හෝ මෙරටට ගොඩ බෑමේ තර්ජනයක් තිබෙන බව නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සදහන් කලේ ය.
එහිදී විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා ගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ට අධිකරණය හමුවේ පොරොන්දුවක් ලබා දිය හැකි ද යන්න ය.
ඒ පිළිබඳව උපදෙස් ලබා ගෙන දැනුම් දීමට අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එකග විය.
ඒ අනුව පෙත්සම දෙසැම්බර් මස 08වැනිදා කැඳවීමට අධිකරණය තීරණය කළේය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය,එහි අධ්‍යක්ෂක සහ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ හා එහි විධායක අධ්‍යක්ෂක පී.කේ.දිලේනා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා , රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා , කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
" මෙන් කාබනික පොහොර ටොන් 96,000 ක් මෙරටට ආනයනය කළ අතර එම පොහොර පරීක්ෂා කිරීමේදී පසට හානි කර ක්ෂුද්‍ර ජීවින් ඇති බව තහවුරු වී ඇත.ඉදිරියේදී මුහුදු වල් පැළැටි වලින් නිර්මාණය කරන කාබනික පොහොර ලංකාවට දිගටම ලබා දෙන බවට මෙම සමාගම බලධාරීන්ට පොරොන්දු වී ඇති බව පෙත්සම්කරුවන් කියයි.
ජාතික පාරිසරික පනතේ විධි විධානයන් උල්ලංඝනය කරමින් කාබනික පොහොර ලංකාවට ගෙන්වන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පොලිස්පතිවරයාට පියවර ගන්නා ලෙසට බල කරමින් මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.
රවීන්ද්‍රනාත් දාබරේ මහතා සහ නිල්මල් වික්‍රමසිංහ යන නීතිවේදීහූ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
2025 නොවැම්බර් මස 04
173
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2062
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්‍රේෂ්ඨාධිකරණය චීන පොහොර ගැන සහතිකයක් ඉල්ලයි
Nuwan Thursday, 11 November 2021 04:48 PM
අන්න ශශී පුතාගේ තුන්වැනි පාර්ශවයේ වාර්තාව ඇවිල්ලා ... හැබැයි ඒ පරීක්ෂණෙත් කරලා තියෙන්නේ චීනයේ තියෙන කම්පැණියකින්...