IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශ්‍රේෂ්ඨාධිකරණයේ - අභියාචනාධිකරණයේ නඩු හෙටට


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

උපරිමාධිකරණ සංකීර්ණයේ  ඇති වූ ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අද(16) දින කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු කල් දැමූ බව  උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් ඩබ්ලිව්.ඩී.එල්.සී වික්‍රමසිංහ මහතා  පැවසීය.
 

මෙම නඩු විභාගයන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අද (16)  කැදවීමට නියමිතව තිබූ නඩු සියල්ල  හෙටට  කල් තබා ඇතැයි ද උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් කීය.

 

උපරිමාධිකරණ සංකීර්ණයේ  අබලි ද්‍රව්‍ය ගබඩා කර ඇති කාමරයක ඇතිවූ හදිසි  ගිනි ගැනීමක්   ඊයේ (15) සවස ඇති වූ අතර පැයකට පසුව එම ගින්න මැඩපැවැත්වීමට ගිනිනීවීමේ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකි විණි.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව විභාගය වන අධිකරණ අපහාස නඩුව අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැත.මෙම පැමිණිල්ල අද සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණි.

 

මීට අමතරව මෑතකදී නිකුත් කළ විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ වලට සිසුන් ඇතුලත් කර නොගන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමද වැඩිදුර විභාගය සදහා අද කැදවීමට නියමිතව තිබිණි.
 



අදහස් (0)

ශ්‍රේෂ්ඨාධිකරණයේ - අභියාචනාධිකරණයේ නඩු හෙටට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site