(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුති ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව වහා ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 15දෙනාගේ කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හෙට (13) ලිඛිතව ඉල්ලීමක් කරන බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.
ඊට අදාළ ලිපිය සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් විසින් අද (12) සකස් කරනු ලැබූ බවත්, ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනාගේ අත්සනින් යුතු වූ ලිපිය ජනාධිපතිවරයාට යවන බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටීමෙන් පක්ෂයත්, සන්ධානයත් විනාශ වන බැවින් ආණ්ඩුවෙන් ඉවත්ව ප්‍රගතශීලී බලවේග සමඟ නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව දන්වමින් මෙම ලිපිය සකස් කර ඇතැයි ද එම මන්ත්‍රීවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව පවසමින් තම කණ්ඩායම මීට පෙර පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි කී එම මන්ත්‍රීවරයා එය ලබන 16 වැනි දා පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී අනුමත කර වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු යැයි කියා සිටියේය.
ජනාධිපතිවරයා වෙත යවන ලිපිය ලබන 16 වැනි දා පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ 15 දෙනා දැන් පසුතැවිලි වෙනවා ඇති ගිය එක ගැන මොකද එතන පිං මන්ත්‍රිලත් ඉන්නවා නේද ඒ අයට ආපහු මන්ත් පට්ටමක් හම්බවෙන්නේ නැහැ අපි ඡන්දෙ දෙන්නේ නැහැ. මෙගොල්ලොත් ඉන්න අයව ඒ වලටම දාගන්න හදන්නේ.
මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී එකේ ගෙදර ගියත් තෝ නසී තත්වෙට තමයි ජනාධිපති පත්වෙලා තියෙන්නේ... එතුමා බලයට පත්වුනේ ජනාධිපතිකම අහෝසි කරල ගෙදර යන්න.. නමුත් බල තණ්හාව ඔලුවට ගැහුවට පස්සේ ඉහළට නැංග ඉනිමගට පයින් ගැහුව නිසා දැන් ක්‍රෑෂ්ලෑන්ඩ් කරන්න තමයි වෙලා තියෙන්නේ....
මේ ශ්‍රීලනිපය තමයි මේ රට අස්ථාවර කරන්නේ... එක්කෝ අාණ්ඩුවේ ඉන්න ඕනේ... එහෙම නැත්තම් විපක්ෂයට වෙලා ඉන්න ඕනේ... ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙන් මේ 15 ගෙදරම තමයි.
බල තණ්හාවෙන් සහ ධන තණ්හාවෙන් ඔද්දල වූ මිනිස්සු අද කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කරනවා නැවත බලය අල්ලන හා හොරකම් කරන්න...... මේක තනිකරම දුර්වල පාලකයාගේ වැරැද්ද, හිර ගෙවල් වල ඉන්න ඕන හොර නායකයෝ තමන්ගේ දේශපාලන වාසිය සදහා නිදහසේ එළියේ ඉන්න ඉඩ දුන්නා .ඔවුන් තමයි ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණය කමින් ඉන්නේ.
අනේ ඉක්මන් කරන්න මේ ගොල්ලෝ බඩගින්නේ . මහජන ලේ වලින් ජීවත් වූ කට්ටියනේ .
කිසිසේත් ජනපතිවරයාට ශ්‍රීලනිපයට පයින් ගසා පැනගොස් අනාථ කඳවුරේ ඉඳන් තප්පුලන මීහරකුන්ට හා අපතයනට කන්දීම හෝ ඒ අයගේ වුවමනාවට වැඩකිරීම ජනපතිවරයාගේ කාර්යභාරය නොවිය යුතුය. මේ දඟලන්න්නේ නව අධිකරණය යාම වලක්වා හොරුන්ව හා පාදඩයන් බේරා ගැනීම මෙන්ම හොරකම් කල රටේ ජනතාවගේ ධනය වසන් කර ගැනීම සඳහා කරන අරගලයක් මිස රටට වෙන කිසිම හානියක් වළකා ගැනීමට හෝ ජනතා සුබ සිද්ධියක් කරන වෑයමක් නොවේ. 2014 වසර අවසානයේ පාදඩ පාලකයන්ගෙන් මිදී පැමිණි ජනපතිවරයා දැන් කටයුතු කල යුත්තේ ඒ අයගේ බසට හෝ සුඛ විහරණය සඳහා ක්‍රියා කිරීම නොවේ. ලක්ෂ 62ට ඡන්දය දුන් ජනතාවගේ සුඛ විහරණ සදහා කටයුතු කිරීම බව හොඳින් මතක තබා ගත යුතුය. එදා වේදිකාවලට ගිනි තබමින් ඝාතනය කිරීමට ජනපතිවීමට කලින් හා පසුවත් වෙර දැරුවේ මේ අමනයින් බව ජනපති හොඳින් අවබෝධ කරගත යුතුය. ලබන මහා මැතිවරණය කලින් රටේ ධනය හොරකම් කල සියලු දෙනාම වසර 10 වත් සිරදඬුවම් ලබාදීම ජනපතිවරයාගේ අනිවාර්ය කාර්ය බවද එය ජනපතිවරණ පොරොන්දුවක් බවද ජනපතිවරයා සිහිගනවා ගත යුතුය. එදා ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් මේ ජනපති ධුරය රටටත් ජනතාවටත් ඵලදායී කරවීම ජනපතිගේ මූලික වගකීම බවද ඔහු මතක තබා ගත යුතුය.
පල් හොරු !! හොරකම් කරන්න බැරුව දඟලන දැඟලිල්ල.
ජනතාව ඡන්දෙන් පරද්දපු මිනිස්සු ආයෙත් ගත්ත එක ජනමතයට පයින් ගැසීමක්... සිරිසේන බලයට ආපු දවසේ ඉඳලා කලේ මේ වගේ නිහීන වැඩ තමයි.
තමන්ට මන්ත්‍රීකම ලබාදුන් පක්ෂයේ නීතිරීති සියල්ල උල්ලංඝනය කරමින් සාමාජිකත්වය වත් නැති පක්ෂයක් දිනවීමට ක්‍රියා කරන කණ්ඩායමක් කියන විදිහටද පක්ෂ නායකත්වය ක්‍රියාකල යුත්තේ? මාධ්‍ය සංදර්ශනවල කියවෙන දේට වඩා පක්ෂ සාමාජිකත්වය කියනදේ ගැන විමසා බලා තීරණයක් ගන්නවා නම් තමයි වැඩිය වටින්නේ...
ඔව්, වහාම ක්‍රියාත්මක කරන්න. මේ රටම විනාශ කරපු කට්ටියගේ යෝජනා... පව් මේ රට කන මාර සේනාවට සහයෝගය දෙන්න.