IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


ශ්‍රීලනිප සභාපති ධූරය යළිත් මෛත්‍රීට

(ඩයනා උදයංගනී)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කර ඇතැයි එහි හිටපු වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පත්කර තිබිණි.

මේ වන විට ජනාධිපතිවරණය නිමා වී ඇති බැවින් හා නව ජනාධිපතිවරයෙක් පත්ව සිටින බැවින් යළිත් මෛත්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ සභාපති ධූරයේ කටයුතු කරන බව ද මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

ඒ අනුව තමන් ද යළිත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙස පෙර සිටි තනතුරේම කටයුතු කරන බව රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා කීවේය.



අදහස් (11)

ශ්‍රීලනිප සභාපති ධූරය යළිත් මෛත්‍රීට

sayura Tuesday, 19 November 2019 08:56 AM

පොළොන්නරුවේ මෙයාගේ ඡන්ද ටික නම් දාල තිබුනේ සජිත්ට. ගෝඨට ආවේ 53% . හරිනම් එය 67% වෙන්න ඕනේ.

:       60       126

Uditha - London Tuesday, 19 November 2019 09:09 AM

මේ ඉත්තෝ ටික තම ඉතින් එහාට මෙහාට වේවි ඉන්නේ... අපිට බලන් තමා ඉන්න තියෙන්නේ..

:       24       21

Buddika Tuesday, 19 November 2019 09:10 AM

ශ්‍රීලනිප එකත් විනාශයි.

:       1       60

රජින්ද Tuesday, 19 November 2019 09:13 AM

සිංහල බෞද්ධ ජනතාව කෙලින් ඉන්නවානම් ශක්තිමත් ස්ථාවර රජයක් පිහිටුවන්න ගෝඨාට හැකි වෙනවා. එතැනදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හෝ එජාපෙ හෝ පොහොට්ටුවේ හෝ දුෂිත දේශපාලකයින් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොමත් ගෝඨාභයට අලුත් දක්ෂ පිරිසක් ඕන. සිරිසේනගේ ගෝල බාලයෝ වැඩක් නැහැ. මේ රටේ සියලුම පක්ෂවලට ගැති නොවූ සබුද්ධික සිංහල බහුතරය නිසයි ගෝඨා ජය ගත්තේ. නැතුව ඔය පක්‍ෂ වල ඉන්න අයගේ පම්පෝරි නිසා නෙවේ.

:       1       174

MaheshTuesday, 19 November 2019 09:28 AM

ශ්‍රිලනිපයේ ඡන්දත් දකුණේ අතිබහුතර සිංහල ඡන්ද ගන්න හේතුවක් වුනා. උදාහරණයකට පසුගිය ඇල්පිටිය ඡන්දය බලන්න. එහෙමත් නැත්තම් පසුගිය වසරේ ප්‍රාදේශීය ඡන්දේ බලන්න.

:       0       8

sirimal Tuesday, 19 November 2019 09:21 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියල එකක් තව වැඩි කාලයක් තියෙන එකක් නැහැ. මහ මැතිවරණයේදී ආසන බෙදා ගන්නා හැටි බලන්නයි මම මේ නොඉවසිල්ලෙන් ඉන්නේ.

:       0       132

Voter Tuesday, 19 November 2019 10:11 AM

කාටත් මතක ඇති මෑත අතීතයේ දවසක ජවිපෙය සහ පොදු පෙරමුණ එක්ව ඡන්දය ඉල්ලුවා? ඒ සැරේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ 1,2,3 ස්ථාන ලැබුනේ ජවිපෙයට, යම් හෙයකින් ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානයකින් එකම ලිස්ට් එකෙන් ඉල්ලුවොත් ඒ දේම මේ මහා ඡන්දයේදී වෙනවා. ශ්‍රීලනිපය අතුගෑවී යන්න පුළුවන්. එත් මොකද යූඇන්පීයට කෙලෙව්වාම ඇති කියලා හිතන මෝඩ පුද්ගලයන් ඉන්න එකේ මෙවන් දෙයක් නොවෙන්න බැරි කමක් නැහැ, .මහා පක්ෂයක් ත්‍රීවීල් පක්ෂයක් බවට පෙරලුනේ පුද්ගලයන් දෙන්නෙක්ගේ අධික බල තණ්හාව නිසායි,

:       5       14

MaheeTuesday, 19 November 2019 12:14 PM

ඔබ සමග 99% ක් එකඟයි. එකඟ නොවන්නේ "පුද්ගලයන් දෙදෙනෙකුගේ බලතණ්හාව" කියන කොටසටයි. බණ්ඩාරනායක අගමැතිවරයාගෙන් පසු මේ අගනා දැවැන්ත පක්ෂය මෙහෙයවන්න කාර්යශුර නායකයෙක් බිහි වුනේ නැහැ. ඒ හිටපු සියලුම නායකයන් වගකියන්න ඕන පක්ෂයේ පිරිහීමට. දැන් නම් ඉතින් ත්‍රීවීල් එකක් හොඳටම ඇතිවෙයි.

:       0       0

Chathuri Tuesday, 19 November 2019 12:22 PM

ඔබට සභාපතිකම ලැබුනට වැඩක් නැහැ. කෙලින් තීරණ ගන්න බැරි නිසා විශ්‍රාම යන්න. අතට ලැබුන දේ කටට දාගන්න බැරි කෙනෙක්. අලුත් බුද්ධිමත් තරුණයෙකුට ඔය තනතුර දෙන්න. මම කවදත් එක්සත් ජාතික පක්ෂයට කැමතියි දිනුවත් පැරදුනත්...නමුත් අනෙක් පක්ෂ වලටත් ගරු කරනවා. හිතට දුක පක්ෂ නායකයින් මි හරක් වගේ වැඩ කරන කොටයි. බලන්න අනුර කුමාර නොබියව ඉදිරියට යනවා , කතා කරන ලස්සන බලන්න , මහා පක්ෂ දෙක බලන්න , ඉන්න රෑනට තීරණයක් ගන්න බැහැ. වෙව්ලනවා. පක්ෂ කඩාගෙන ,ඇනුම්පද කියාගෙන. සත්තු වගේ ඉන්නේ. මහ පක්ෂ දෙක දන්නවා පරදින්න හේතුව. තරුණ නායකයින්ට තැන දෙන්න ඔබ පිටුපසින් ඉන්න. අවංකව, නොබියව ඉදිරියට යන්න අත දෙන්න. දැන් නැවත පක්ෂය එන්නේ නැහැ කියල හිතන්න එපා. අනිවාර්යෙන් දිනනවා. පොහොට්ටුවේ ඉන්න නායක දෙන්නට කප්පරක් නඩු . ඔබලාට එහෙම නැහැ. අනිවාර්යෙන් දිනනවා. තරුණ අයට පක්ෂය භාරදෙන්න.

:       0       5

Bamunuarachchi Thursday, 21 November 2019 01:51 AM

ශ්‍රීලනිප සභාපති ධූරය යළිත් මෛත්‍රීටලු නැතුව වෙන කාට දෙන්නද?

:       0       0

BamunuarachchiThursday, 21 November 2019 08:11 AM

කව්ද ඕක බාරගන්න එන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 222 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 98 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 143 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


ඡන්ද පොළේ කලබල කළහොත් වෙඩි
2024 සැප්තැම්බර් මස 16 528 1

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.


මැතිවරණ ලොක්කෝ නිරීක්ෂකයන් හමුවෙති
2024 සැප්තැම්බර් මස 16 196 0

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය


කළුතර ශීතකරණ අළුත්වැඩියා මධ්‍යස්ථානයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 16 283 0

කළුතර උතුර ගාලුපාරේ ශීතකරන සහ රෙදි සෝදන මැෂින් අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගින්න හටගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 66 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2128 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site