IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘ශ්‍රිලනිප සාකච්ඡා සාර්ථක කරගන්න හැම පියවරක්ම ගන්නවා’

(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම තම පාර්ශවය විසින් ගන්නා බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අද (1) පැවසීය.

එමෙන්ම රටේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම වෙනුවෙන්  ඕනෑම පියවරක් ගැනීමට සූදානම් යැයිද ඔහු කීය.

එහිදී ඔහු මෙසේද පැවැසීය.

වෙනත් කිසිඳු මැතිවරණයක දී නොවුණ ආකාරයෙන් මේ මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතා වෙනවා. සිමෙන්ති බෙදාහැරීමෙන් ඇරඹි මෙම භාණ්ඩ බෙදාහැරීම දවසින් දවස ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උත්සාහ කරන මෙම අවස්ථාවේදී ඇතැම් පුද්ගලයන් කිහිප දෙනෙකු ඊට බාධා වන ආකාරයට හැසිරෙනවා. එය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. රට ගොඩනැගීම හා ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් පැහැදිලි දැක්මක් හා සැලැස්මක් සහිත නායකයකු පත්කර ගැනීමට මේ මොහොතේ දී ජනතාව සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගම් කාර්යාලය විවෘත කිරීමෙන් පසුව අද (1) මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 



අදහස් (8)

‘ශ්‍රිලනිප සාකච්ඡා සාර්ථක කරගන්න හැම පියවරක්ම ගන්නවා’

Chathuri Tuesday, 01 October 2019 12:36 PM

අයියා කියන දේ අහනවා කියල මේ වගේ වැඩ කරනවද?

:       2       26

ponil Tuesday, 01 October 2019 01:44 PM

හොරු වෙනුවෙන් හොරු.

:       32       27

Chanak los angeles Tuesday, 01 October 2019 01:46 PM

දැන් සාටකයන්ට වෙන්නේ සාටකයත් බෙල්ලේ ඔතාගෙන ඔවුන්ගේ අනුගාමිකයන් එක්කම බේරේ වැවට පනින්න තමයි.

:       60       52

Hafeel Tuesday, 01 October 2019 03:11 PM

පහුගිය ජනාධිපතිවරණය පැරදුණු ගමන් පැය 24ක් ගතවෙන්න කලින්, ඔහුගේ ඇමෙරිකාවට ගිය මේ මිනිහා, දැන් කියනවා රටේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට සූදානම් කියලා.

:       0       0

kanthi Tuesday, 01 October 2019 05:30 PM

මෙහෙම කියමු අපි ඕක සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දණගස්සන්න හැකි උපරිම පියවර ගන්නවා.

:       0       0

Ajith Nissanka Tuesday, 01 October 2019 10:22 PM

වෙනත් කිසිඳු මැතිවරණයක දී නොවුණ ආකාරයෙන් මේ මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතා වෙනවාලු ! අනේ දෙවියනේ මැරිලා ඉපදිලා ඉන්නේ අපිද මෙගොල්ලොද ??

:       0       0

kamal Wednesday, 02 October 2019 08:34 AM

අන්තිමට ජනාධිපති අපේක්ෂකයා බැසිල් වෙන්නත් පුළුවන්.

:       0       0

Nandalal DE SILVA - FranceWednesday, 02 October 2019 09:09 AM

දැනටමත් ඒක සිද්ධවෙලා ඉවරයි. මහින්ද උන්නැහේ යලිත් වරක් පස්ස බිම ඇන ගත්තා ගෝඨා රජ පුටුවේ වාඩිකරවන්න හොර පාරෙන් ගිහිල්ලා. අධිකරණ තීන්දුව අවාම ගෝඨා මහත්තයට ආපහු ඇමරිකාවට යන්න වෙනවලු. ඒකත් ඉතින් "ශ්‍රී ලංකා රට උළු ගෙදරේ" නියමිත කාලය අවසන් කරාට පස්සේනේ. පපුවේ ආබාධයට වෙද හෙදකම් ගන්න සිංගප්පුරු යන්න ඉඩ ලැබේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 496 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site