(ඉන්දිකා රාමනායක)
මරදාන ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍රයක රුපියල් ලක්ෂ 4 ට ආසන්න වටිනා කම්බි කපා සොරාකම් කිරීම සම්බන්ධයෙන් 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.
ඉකුත් 18 දින පස්වරුවේ එම කාර්යාලය වසා දමා ගොස් ඇති බවත්, 19 දින පෙරවරුවේ විවෘත කිරීමේ පිටතින් සවිකර තිබු වායුසමීකරණ යන්ත්‍රයක වයර් කපා තිබෙනු දැක සිද්ධිය මරදාන පොලිසියට පැමිණිලි කර ඇත.
සැකකරු පක්ෂ මුලස්ථානයට යාබද වත්තක පදිංචි පුද්ගලයකු බවත් ඔහු තාප්පයෙන් පැන එළියේ සිවිකර තිබු වායු සමීකරන යන්ත්‍රයක මෙලෙස කම්බිකපා ඇති බවද පොලිසිය කියයි.
සැකකරු මෙම කම්බි යකඩ බඩුකඩයකට අලෙවි කර තිබියදී සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධ කරුවෙක් බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd