IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රීලනිප පොදුජන පෙරමුණු සන්ධානය පිහිටුවීමේ මීළඟ සාකච්ඡාව 14 වැනිදා

(ඩයනා උදයංගනී)
            
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඒකාබද්ධ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා පවත්වාගෙන යන සාකච්ඡා මාලාවේ මීළඟ සාකච්ඡාව විපක්‍ෂ නායක කාර්යාලයේ දී මෙම මස 14 වැනිදා පැවැත්වෙන බව එම සාකච්ඡා කමිටුවේ සාමාජික, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, ප‍්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම සහ විශ්ව විද්‍යාල ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුනුත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර, තමන් සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස යන මහත්වරුනුත් සහභාගී වීමට නියමිත බව ද තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

මේ වන විටත් එහි මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙන බව කී මන්ත‍්‍රීවරයා ඒ සඳහා පක්‍ෂ දෙකෙහිම සාමාජිකයින්ට විශාල උවමනාවක් සහ අවශ්‍යතාවයක් තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.

තිලංග සුමතිපාල මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, සිය නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
             



අදහස් (2)

ශ්‍රීලනිප පොදුජන පෙරමුණු සන්ධානය පිහිටුවීමේ මීළඟ සාකච්ඡාව 14 වැනිදා

wasala Basnayake Thursday, 07 March 2019 11:19 PM

මේ අය ඔක්කම දේශපාලනයට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නේද? ආත්මාර්ථකාමි දේශපාලකයන් හින්ද දැන් නිකන් බොරුවට කාලය නාස්ති කරනවා එකමුතු වීමට. ඡන්ද දායකයන් දැන් පක්ෂයක් ගැන එතරම් උනන්දුවක් නැති බව සැමටම තේරෙන්න ඕන. ඔය ගතකරන කාලය මිඩංගු කරලා රටේ අවශ්‍යතාවයට ඔබින සංවර්ධන සැලැස්මක්, අපරාධ මර්ධන සැලැස්මක් සහ දූෂණ සහ රාජ්‍ය දේපල වංචාවන් මැඩලන සැලැස්මක් හදලා ඡන්ද දායකයන්ට ඉදිරිපත් කලානම් ඉදිරියට පසුතැවෙන්න වෙන්නේ නැහැ. ඔය දෙගොල්ලෝ ඇන කොටා ගන්න තරමට ඡන්ද දායකයන්ට ඔය අය එපා වෙනවා වගේම විරුද්ධ පක්ෂවල අයටත් නිකම්ම ලකුණු වැටෙන බව මතක තියාගන්න. දැන් කාලේ අපි අලියට නැත්තම් අතට කියල ඡන්දෙ දෙන්නේ බොහොම ටික දෙනයි. මමත් ඒ වගේ එක්කනෙක්!

:       0       1

Sumith Friday, 08 March 2019 04:59 AM

ඕවා කරාම හරියයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 700 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site