IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රීලනිපය ගෝඨාභය සමඟ ගිවිසුම් අත්සන් කිරීම 19 වැනිදා

(ඩයනා උදයංගනී) 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ගිවිසුමකට අත්සන් තැබීම ඔක්තෝබර් 19 වැනිදා පෙරවරුවේ සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙයට අත්සන් තැබෙන බව මහලේකම්වරයා සඳහන් කළේය.

එම පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුමට ඉකුත් 10 වැනිදා අත්සන් තැබිණි.

පක්ෂ දෙක අතර තවත් ගිවිසුමකට ඉදිරියේ දී අත්සන් කරන බවද ජයසේකර මහතා කීවේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (8)

ශ්‍රීලනිපය ගෝඨාභය සමඟ ගිවිසුම් අත්සන් කිරීම 19 වැනිදා

Amila Tuesday, 15 October 2019 06:20 AM

හූ පාරක් එහෙම අහගන්න වෙයිද දන්නේ නෑ. අනික කනට ගහවිද දන්නේත් නෑ හොදේ..

:       0       16

sumith Tuesday, 15 October 2019 06:31 AM

හිටන් හුටන් කිව්ව දයාසිරි නේ , මතකද සිරිසේනට කිව්ව දේවල් මහින්දගේ සාටකේ එල්ලිලා ඉන්නකොට

:       0       4

kim Tuesday, 15 October 2019 07:06 AM

හූ.. හූ.. හූ ...

:       0       4

saliya Tuesday, 15 October 2019 07:19 AM

කොන්දේසිය ඔයාට හූ නොකියන බවද ?. ඒ වෙනුවෙන් ඡන්ද දස ලක්ෂයක් ... , ඔයා මේ කරන සේවයට ඔයාට හූ කියන එකක් නම් නැහැ. හැබැයි අනිත් මහත්වරු ලැහැස්ති වෙන්න, කනේ පුළුන් ගහගෙන නගින්න වේදිකාවට..

:       0       7

isuru Tuesday, 15 October 2019 07:19 AM

අපිට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒ ගිවිසුමේ සත්‍ය කරුණු දැනගැනීමට අවශ්‍යයි .

:       0       5

Kumara Tuesday, 15 October 2019 08:09 AM

සජිත් එක්ක දාගත්තු ඩීල් එක නැගලා යනවා එහෙනම්.

:       10       7

sirimal Tuesday, 15 October 2019 09:39 AM

දයාසිරි මහත්තයෝ මේක දැක්කද ? උද්ගතව ඇති තීරණාත්මක මොහොතේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම උදෙසා තමන් 1994 වසරේදී ක්‍රියාකළ ආකාරයෙන්ම පෙරට එන බවත් දිවිහිමියෙන් ඒ සඳහා කැපවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයේ මෙලෙසත් සඳහන් වෙනවා "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අදූරදර්ශී නායකත්වය නිසා පක්ෂය සහ පාක්ෂිකයා දැඩි ලෙස අසීරුතාවට පත්ව ඇති මේ අවස්ථාවේ, පක්ෂය වෙනුවෙන් මෙතෙක් කල් බොහෝ කැපවීම් කළ ඔබ ව ආමන්ත්‍රණය කිරීම මාගේ බලවත් යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමි. ඉතිහාසයේ ප්‍රථම වරට තව නොබෝ දිනකින් මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමට පැවැත්වෙන තීරණාත්මක ජනාධිපතිවරණය සඳහා අප පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ගන්නට නොහැකි වී තිබේ. අප පක්ෂයේ නායකත්වය ලබා ගත් අඥාදායක නායකයකු පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් 2015 ජනාධිපතිවරණයේ දී මෙරට පොදු ජනතාව ජීවිත අවදානම් නොතකා නායකත්වය ගත්ත ද, හැට දෙලක්ෂයක ජනවරමින් බලයට පත්වූ නායකයා තම පෞද්ගලික අවශ්‍යතා සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පාවා දී තිබේ. "

:       0       164

Rohana Wednesday, 16 October 2019 05:21 AM

දයාසිරිලා අමරවීරලා ඔකේ ගිහින් එල්ලුනාට බලන්න ජනතාව කොහෙද ඉන්නේ කියල. ජනතාව තවම පක්ෂයේ සිටියට පොහොට්ටුවේ එල්ලිලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site