(නාලක සංජීව දහනායක)
ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවට පක්‍ෂ මහලේකම්, කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට අද (05) සවස දැනුම්දුන් බව ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පැවැසීය.
ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයකු ඉදිරිපත් කළයුතු බවට පක්‍ෂයේ මධ්‍යමකාරක සභාව ගත් තීරණයක් අනුව මෙම දැනුම්දීම කළ බවද ඔහු කීය.
ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුද යන්න ඉදිරියේදී පැවැත්වීමට නියමිත සභා රැස්වීමකදී තීරණය කරන බවද වීරකුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
අපේක්ෂකයා කවුරුවුනත් ඇපත් නැතිවෙන වැඩක් තමයි
මෙයා හදන්නේ අනුන්ටත් කෙලවලා තමනුත් කෙලවාගෙන හම්බයෙක් ජනාධිපති කරලා ඊටපස්සේ එපත්තට පනින්නයි
නියමයිì බලමු රටේ ජනතාව කොහොමද ඡන්දය පාවිච්‍චි කරන්නෙ කියලා.
අපිනම් දැනගෙන හිටියා.
එන්න එන්න. සාදරයෙන් පිළිගන්නවා. සිංහල මිනිස්සුනේ මේ වගේ පක්ෂ වලට බෙදෙන්නේ නැතුව හොඳ සිංහල අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න ..මේ අන්තිම අවස්තාව
අයියෝ පොහොට්ටුව පිපිච්ච ගමන් පරවෙලා ගියේ මොකද?
ඇයි එකට හිටගන්න බැරි. සිංහල ජාතිය නැති කරලා දානකම් ද බලන් ඉන්නෙ
මේ දයාසිරි කොහෙන්ද අවේ. පෙරමුණු ආණ්ඩුවේ හිටිය පස්සේ UNP එකට පන්න . ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ඉන්නේ unp එකේ කට්ටිය දැන්. සිරිසේන ජනාදිපති එක්සත් ජාතික පෙරමුණෙන් ජන්දේ ඉල්ලුවේ කියල මතකත් නැහැ . ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අයනම් මෙයාලට ජන්දේ දෙන්නෙ නෑ.
අන්න හොඳයි. බලමු 2% ගනීද කියල. මොනවා උනත් ඔය පක්ෂේ උන් ගොටගේ ආණ්ඩුවට එන්නේ නැති එක නම් ඉතා හොඳයි.
ඔයිට කලිනුත් අන්තිම අවස්ථා තිබුන චන්දෙ ඉල්ලන කට්ටියට අන්තිම අවස්ථා වෙනවනම් ජනතාවට නැවුම් අවස්ථා උදාවෙනවා.
මෙයා හිතන් ඉන්නව එයාට ලක්ෂ 14ක් ඉන්නව කියල. ලක්ෂ 3ක් ගත්තොත් පුදුමයි! මෙයා පක්ෂය ජවිපෙටත් පල්ලෙහාට දාලා නැති බංගස්ථාන කරලම දාන්නයි හදන්නෙ. ඉස්සෙල්ලාම කියන්න ඕන මේ කොන්ත්‍රාත්තුව දුන්නෙ කවුද කියල. අත්තනගල්ලෙ චන්ද්‍රිකාට චෙච්ච දේ දන්නව නේ! එයා හිතුව ප්‍රාදේශිය සභාව දිනන්න! මොකද වුනේ?
දයාසිරි මහත්තයෝ ශ්‍රීලංකා එකෙන් අපේක්සකයෙක් දානවනම් චන්ද ලක්ස දෙකතුනක් ගන්ට පුළුවන්.නමුත් සන්දානෙන් අපේක්සකයෙක් දානවනම් තවත් වැඩිපුර චන්ද ගන්ට පුළුවන්.ප්‍රස්නේ තියෙන්නේ සන්දානේ මහලේකම් අමරවීර මේ ගෙන මොකුත් කියන්නේ නැහැ.මොන කයිවාරු ගැහැව්වත් අවසානේ නවතින්නේ ගෝටගේ කකුල් දෙක ගාව තමා. එහෙම නෙතිනම් රනිල් ලගට ගිහිල්ල මුලින් හිටිය වගේ දෙකට නැමිල ඉන්න එක තමා වෙන්නේ.
සිතේ. පවතින ඊර්ෂ්‍යාව හතුරට උදවුවක් බව නොදන්නවා නොවේ.
සිතේ. පවතින ඊර්ෂ්‍යාව හතුරට උදවුවක් බව නොදන්නවා නොවේ.
තමන්ගේ තරම දැනගන්න මේක හොඳ අවස්ථාවක් . ජනපති තනතුර හා සුළු ජාතික පක්ෂ නිසා ගත්ත ලක්ෂ 14න් ලක්ෂයක් ඉතිරි කරගතහොත් ඇති .
උපරිම ලක්ෂ 5ක් ගනී !
හුරේ හුරේ දයාසිරි....දැන් තමය් මොලේ පැදිලා තියෙන්නේ.මොකද බණ්ඩාරනායක උතුමාණන් ඔය ශ්‍රීලනිප හැදුවේ දිවිහිමියෙන්.පොහොට්ටු විහිලු කාරයන්ට පක්ෂය බාල්දු කරන්න එපා. මේවට චන්ද්‍රිකා නෝනා සම්පුර්ණයෙන් වගකියන්න ඕනේ.
එක දෙයක් කියන්නම් ශ්‍රිලනිප ගියපාර ලක්ෂ 10 ක් විතර ඡන්ද ගත්තා.....මේ පාර ලක්ෂ 5 ක් ගත්තත් ගෝඨගෙන් තමයි ඡන්දය කැඩෙන්නෙ........ජවිපෙ වෙනම ඉල්ලනවා........එ.ජා.ප. පාක්ෂිකයන් උද්යෝගයකින් සජිත් වටා එකතුවෙලා....ඒක නිසා.....සජිත්ට ගොඩක් වාසියි.......සුළු ජාතික පක්ෂවල සහයෝගයත් එජාපයට තමයි ලැබෙන්නෙ.....ඒක නිසා.....අඩු ඡන්ද පරතරයකින් හරි එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහනය කරනවා.......බොරු නම් මේ පෝස්ට් එක කොපිකරලා ජනවාරි 10 බලන්න තියාගන්න....මම කියපුවා කිසි දෙයක් වැරදිලා නෑ.....
මරේ මරු ! වසර හැට ගණන අතීතයේ හිටිය මහා ලේකම් ලාගෙන් මේ වගේ අභීත , ජන හද හස්ම හඳුනාගෙන තීරණයක් ගත්තේ ඔබතුමා විතරයි .හැබැයි මට ප්‍රශ්න දෙකක් තියනවා 1) දැම්මට දිනන්න පුලුවන්ද 2) ඔබතුමාත් අරපැත්තට පනින්නේ කවදද ? මේ ව කාලය පිලිඹද ප්‍රශ්න විතරයි ( අපේ වට්ටක්ක මාමත් දැන් අර විලිලජ්ජ නැතුව (එක ඔතන ඉන්න 225 ටම නැහැ )ගෝටා සරණන් ගච්චාමි කියන්නේ
හ...හා..! දකුණට සිග්නල් දාල වමට හරවන රියදුරුමහතා ගැන මුළු රටම හොඳින් දන්නා නිසා මෙය පුදුමයක් නෙමෙයි. මුළු රටේම අනන්‍යතාව, විශ්වාසය සහ අභිමානය බිඳපු මේ අයගේ වැඩ, කතා ගැන මොනවට කියනවද? අවසානයේ අලියට මුක්කු ගැහුවේ නැත්තම් තමා පුදුමේ!
පුද්ගලයෙකුගේ හිත ඕනෑම අවස්ථාවක වෙනස්විය හැකි බැවින් පුද්ගලෙයකු කරන කියන දේ හා කල කි දේ ගැන බලා ඔහු හොද හෝ නරක කරයිද කිව නොහැක. මිනිසුන් හොද හෝ නරක කරන්නේ ඒ ඒ අවස්ථාවේ උපදින හිත අනුවය. එනිසා කිසිවිටක තනි පුද්ගලයෙකු කෙරහි විශ්වාසය නොතබා සමුහයක් විසින් කරනු ලබන වැඩ සටහන් ක්‍රියාවට නගා එකිනෙකාට පැවරෙන වගකීම නිසි අයුරු කරනවද කියා විමසා නුසුදුස්සෝ ඉවත් කිරීමට ඡන්දය පාවිච්චිකළ යුතුය. එකල විධායක ජනපති ක්‍රමය තමන්ට ගැලපෙන අයුරු නිර්මාණය කළ ජේආර්ට හැර ඔහුගෙන් පසු ඒ තනතුරට පත්වූ සැවොම වියරු වූ හැටි කව්රුත් දනිති. රනිල්ට පිංසිදුවන්න අවුරුදු 42 පසු ඒ වියරුව ඇතිකළ හේතුව වූ ජනපති සතු වූ අසීමිත බලතල අගමැති කතානායක හා ජනපති අතර බෙදා ඒ තිදෙනාම පාර්ලිමේන්තුවට වගකිවයුත්තන් කර අධිකරණය ඇතුළු මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ස්වාධින කළහ.ඉදිරියේදී ජනපතිවරණයද නවතා ජනතා නියෝජිතයින්ගෙන් පත්වෙන පාර්ලිමේන්තුවෙන් ඒ තිදෙනා පත්කිරීම වඩා ඵලදායකය. ඒ පැවති ක්‍රමයට මනස ක්‍රියා කරන අය තමන් ජනපති වූ විට කරන දේවල් කීවාට පැවරෙන වගකීමට පමණයි කලහැක්කේ. පවතින නිතිය විනය නොතකා ක්රියකරන්නවුන් පිස්සන් මැරයන් හා ත්‍රස්තවාදීන් ලෙස හැදින්වේ
අසව් ...අසව් … සිංහලයනි තොපලාගේ මොලේ දැන් තමා පාවිච්චි කරන්න ඕන වෙලාව. අවස්ථා වාදී හිතුවොත් ලංකාව තවත් ආගදෙට ඇද යනු ඇත. සිංහල ජාතිය කෑලි කෑලි වලට කඩෙන කම් සුළු ජාතින් බොහොත් ආසාවෙන් බලා සිටිනු ඇත. ඔවුන් තමුන්ගේ අරමුණ පමණි. දැන් එකතුවෙන්න තියන අන්තිම වතා වය්. දැන් පාට පක්ෂ බලන්න එපා. සිංහලයනි එකතු වෙයව්. ඔබ සැමට තෙරුවන් සරණය්.
මෙයාලගෙ උත්සහය සජිත්ව හො ගොඨාභය ගෙන එමයි ශුුි.ල.නි.ප එමගින් ගොඩ යන්න හිතන් ඉන්නෙ .මෙයාලට සිංහල අපි ගැන හැගීමක් නැහැ තියෙන්නෙ බලයට කෑදර කම විතරයි.එකයි ඔය වගෙ කුහක වැඩ කරන්නෙ.සිරිසෙන ජනාධිපතිතුමා තමා මෙරට මෙවන් අගාදයකට අැද දැම්මෙ. තමන්ව ඔය තත්වයට ගෙනාපු පකෂයත් කෑවා ජනාධිපති කරවපු අයවත් කාලම දැම්මා 2015 ත් 2018 ත් දැනුත් හිටපු ජනාධිපතිතුමාටත් අැරලම දැම්මා. රට විකාර රෑපි කරලම දැමිමා .මෙ රටෙ අසාර්ථකම ජනාධිපති ලෙස ඉතිහාසයට එක්වනු අැත. කෙසෙ වෙතත් මෙවර අපි පක්ෂ වලට ඡන්දය දෙන්නෙ රට රකින අනාගත අපෙ දරුවන්ටත් රටක් ඉතිරි කරන නායකයා වන ගොඨාභය මහත්තයට විතරමයි ඡන්දය දෙන්නෙ දිය යුත්තෙ නැතිනම් අපි බලං ඉන්නකොටම අපටත් නොදැනි අරාබියක් වනවා ලගදීම
මෛත්‍රීපාලද, වෙල්ගමද කියලා තෝරාගන්න බැරි.. එ්කලු දැනට තියෙන ප්‍රශ්නය... අන්තිමට ගෝඨාභය තෝරා ගත්තොත් පුදුමවෙන්න එපා...
ලක්ෂ 25 කට අධික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ එකම පැතුම තම පක්ෂයේ ජනාධිපතිවරයෙක්... එයයි එකම පැතුම...!!!
"අසව් ...අසව් … සිංහලයනි තොපලාගේ මොලේ දැන් තමා පාවිච්චි කරන්න ඕන වෙලාව. " නැති දෙයක් කොහොමද හලෝ පාවිච්චි කොරන්නේ.