(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නව තනතුරු කිහිපයක් හඳුන්වාදීමට එම පක්‍ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රචාරක ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පත්කරනු ලැබ ඇත.
මීට අමතරව පක්‍ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න මහතාත්, වෘත්තීයවේදීන්ගේ ලේකම්වරයා වශයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාරථී දුෂ්මන්ත මිත‍්‍රපාල මහතාත් පත්කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේද අනුමැතිය ඇතිව මෙම පත්කිරීම් සිදුකළ බව එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඔවුන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් අද (28) සිදුකෙරිණි.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්‍රීලනිපයට නව තනතුරු කිහිපයක්