(විනීතා එම් ගමගේ)
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත හැකි හොඳම විසඳුම වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහය දීම යැයි ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගත හැකි පියවර පහක් ඇති බවත් එයින් වඩාත් කාලීන හා බුද්ධිමත් පියවර වන්නේ පොදුජන පෙරමුණට සහය දීම බව තම සංගමයේ විධායක සභාව එක්ව තීරණය කළ බවත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේය.
මෙම තීරණය ලබන 30 දා රාත‍්‍රී රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් දෙපාර්ශවයම එකිනෙකාට ගරු කිරීමත් නම්‍යශීලී වීමත් එකට වැඩ කිරීමේ දී එන අභියෝග වටහා ගැනීමත් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව ද සියඹලාපිටිය මහතා කීය.
රංජිත් සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡායාරූප හා වීඩීයෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්... එය තමයි විය යුත්ත. සියලු දේශද්‍රෝහී බලවේග අනෙක් පස කඳවුරු බැඳලා තියෙද්දී කිසියම් හෝ ජාතිකත්වයක් ඉතුරුව ඇති ශ්‍රී ලනිපය, පොහොට්ටුව හා එක්විය යුතුමයි. මුස්ලිම් අන්තවාදයත්, දෙමළ අන්තවාදයත් සමග අත්වැල් බැඳගෙන සජිත් මේ රටවලපල්ලට ගෙනයාමට එරෙහිව එය විය යුතුයි.
රතුපස්වල, හලාවත, කටුනායක සාමාන්‍ය ජනයා මරපු, වලිකඩ බන්ධනාගාරයට පැනලා සිරකරුවන් 22ක් ඝාතනය කරපු, පෝද්දල ජයන්ත, කීත් නොයාර් පැහැරගෙන ගිහින් වදදීපු, වසීම් තාජුඩීන්, ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කරපු අය එනවලු, විනයක්, රටක් හදන්න.
ඇයි අායෙත් මහින්දගෙන් කනේ පාරක් කන්නද?
ඔව් කොල්ලෝ එ්ක සහතික ඇත්ත... මොකද ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයේ් වැඩකරන මගේ නෝනට තව සේවා දිගුවක් ගන්න පුළුවන් මගේ දරුවන් බලාගන්න.
අර දූෂණ හොයන කොමිසමේද කොහෙද සාක්ෂි දෙන්න තියනවාලු නේද? ඔය අස්සේ ගල්අඟුරු ටෙන්ඩරය, පිටින් විදුලිය ගැනීම, ට්‍රාන්ස්ෆෝමර් වැනි දේවලුත් තියනවලු නේද? කොයි පැත්ත හරි වාසි පැත්තට රිංගුවේ නැතිනම් ඉතින් ඉජු ඉජු පල තමා. මාර්ක් එක වෙන්නේ. ඉක්මනින්ම පැනගන්න.
මෙයා කියනවා... හොඳම දේ එකිනෙකාට ගරු කරමින් පොහොට්ටුවට ඇතුළු වෙන එක හොඳයිලු... එතකොට මහින්ද සමග මෙපමණ කල් කරපු සාකච්ඡා, මෛත්‍රී ජනාධිපති, පක්ෂ සභාපති, එහෙම වුණාම පොහොට්ටුවේ අය ජනපතිගේ කීමට ගරු කෙරුවාද? මහින්දට පක්ෂ වලින් වැඩක් නැහැ. එයාට ඕනෑ මල්ලි ජනපති කරලා, එයාට අගමැතිකමයි, මුදල් ඇමැතිකමයි ගන්න. මෛත්‍රී නිකම්ම මන්ත්‍රී කෙනෙක් වෙන එක වෙන්නේ.., මෛත්‍රී අන්තිම මොහොතේ එයාගේ ගැටේ ලිහලා තනියම ඉල්ලනවා. එහෙම වුණොත් ගෝඨාට වැඩිය ඡන්ද ප්‍රමාණයක් ගන්නවා.. පොහොට්ටුවේ ඉන්නේ ලෝකේ කාලා වතුර බීපු නූගත් පිරිසක්.., මිනිස් වෙසින් ඉන්න පෙරේත යක්ෂයන් අපායටම යන්න වුවමනා නැහැ කට්ටිය දකින්න.
හරියටම හරි කියමනක්... එසේ නොකළොත් මෙදා සැරෙත් හුළං රටත් හබක්....
අයියෝ ... රටේ දැවැන්තම බණ්ඩාරනායකලා බිහිකළ පක්ෂයට වූ දෙයක්..