
( ටෝනි කරුණානායක )
රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා ලබන 17 දක්වා තවදුරත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (3) නියම කළේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු තවත් සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා ඔවුනට එල්ල වී තිබේ.
එම චෝදනා සම්බන්ධයෙන් 03 වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගැනීම සදහා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර ඇති විවෘත වරෙන්තුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දුන් බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තුව ක් ලබා ගැනීම සදහා කටයුතු කරන බව ද පැමිනිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අධිකරණය හමුවේ පැවසිය .
මෙම නඩුවේ 04 වන සැකකරු ලෙස හිටපු පොලිස් නිලධාරි යෙකු වන නවරත්න ප්‍රෙමතිලක යන අයෙකු නම්කෙරුණි .
එම සැකකරුට විදේශ ගමන් තහනම් කළ අධිකරණ ය ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තු වට දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා සහ පොලිස් පරික්ෂක ඩී.ජේ.නිශාන්ත යන පොලිස් නිලධාරිහු පැමිණිල්ල මෙහෙය වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහ අහස, පොළව, නුහුලන අපරාධයක්... තක්කඩි පාලකයින් අද වටිනා නිලධාරින්ගේ පිටකොන්ද කඩා දඩයම් කරන බවට හොඳම උදාහරණය ජඩ පාලකයෝ...
ඇත්ත කවදාවත් යටපත් කළ නොහැක. මේ විශිෂ්ඨ නිලධාරියා අවසානයේදී ජයගනු ඇත.
රටේ ඉන්න හොඳ නිලධාරියෙක්. තමන්ගේ රැකියාව හරියට කරන නිලධාරින්ට අත්වන ඉරණම ඕක තමයි. දේශපාලකයින්ගේ දූෂණ, අක්‍රමිකතා ඇල්ලුවොත් අවංක නිලධාරින්ට වෙන ඉරණම මේක. ආණ්ඩු මාරු වුණාම දේශපාලකයින්ගේ හොරවැඩ හොයපු අවංක නිලධාරියාගෙන් පලිගන්නවා... ඉතින් අපේ වගේ රටවල් හැදෙයිද මෙහෙම යනකොට...?
සරත් ෆොන්සේකා මහතාට කළෙත් ඔය ටිකම තමයි.
දක්ෂ අපරාධ පරීක්ෂකයන් අද හොර තක්කඩින්ගේ අත්අඩංගුවේ...
මොහුට නීතිය මගින් නිසි දඬුවම් ලබාදිය යුතුයි.
ඉතා දක්‍ෂ පොලිස් නිලධාරියෙක් වූ වාස් ගුණවර්ධන මහතා බොරු සාක්‍ෂි ගොතා හිරේට දමා පවුලක්ම අනාථ කළ ශානි අබේසේකරට ඉතා දැඩි දඬුවම් දිය යුතුයි.