(ටෝනි කරුණානායක)
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් අදාළ නඩුවේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා මාර්තු මස 3 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (17) නියම කළේය.
ශානි අබේසේකර ,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන ලද හිටපු උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් තිදෙනා මෙසේ තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර ඇති හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කිසිවක් අනාවරණය නොවීය.
මෙම නඩුවට අදාළ පොලිස් පරික්ෂක විල්ලවආරචිච් සහ පොලිස් පරික්ෂක සුසන්ත යන දෙදෙනා අතර ඇති වූ සංවාදය ඇතුළත් හඩ පටයට අදාළ සී ඩී තැටියක් රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට බාර දුන් බව පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් සමීර (92700) නිලධාරියා අධිකරණය හමුවේ කීය .
කොවිඩි වසංගත තත්වය හේතුවෙන් සැකකරුවන් තිදෙනාව බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබුණු අතර සැකකරුවන් තිදෙනා වෙනුවෙන් අධිකරණයට නීතිඥ සහායක් නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානි අබේසේකර මහත්තයෝ, ලංකාවේ යහතින් ජීවත් වෙන්න ඕනෑ නම්, තක්කඩි පිලට එකතු වෙන්න. වැරදි කරුවෙකුගෙන් හරි ගාණක් පොකට් එකට වැටෙනවා නම් ඊට වඩා ගොඩ යන මාර්ගයක් ලංකාවේ තියනවද? තාමත් ප්‍රමාද නැහැ. ඇප පිට හිරෙන් නිදහස් වෙලා ආවාමවත් රටේ හැටියට ජීවත් වෙන්න උත්සාහ කරන්න.