IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්


(ටෝනි කරුණානායක)

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව  අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂකවරයාව ලබන 20 වෙනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (07)නියම කළේය.

කිලෝ 5ක් බරැති ක්ලේමෝ බෝම්බයක් , ටී-56 ගිනි අවි ඇතුළු තවත් ආයුධ රැසක් ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ නිවසක් පිටුපස සඟවා එම ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ එම සැකකරුගේ පුතුන් දෙදෙනාටත්, වාස් ගුණවර්ධන නැමැති සැකකරුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 8 දෙනෙකුටත් අයත් ඒවා බවට අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය හමුවේ චෝදනා ගොනු කර, අධිකරණය නොමග හැරීම සඳහා කටයුතු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා එම සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් අධිකරණය වෙත ලිඛිත දේශන ගොනු කළ අතර ඊට විරෝධය ඉදිරිපත් කරමින් පොලිසිය ලිඛිත දේසන අධිකරණය හමුවේ ගොනු කළේය.

එම ලිඛිත දේසන සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන්ට ඇප නියම කිරීමට බලයක් මහෙස්ත්‍රාත් අධිකරණයට නොමැති හෙයින් සැකකරුවන් දෙදෙනා තවදුරත් රිමාන්ඩ් බාරයට පත් කළේය.

වැඩ තහනම් කර ඇති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියේ උප පොලිස් පරීක්සක සුගත් මෝහන මෙන්ඩිස් නැමැති සැකකරුවන් දෙදෙනාව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.



අදහස් (6)

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

රිතික් Friday, 07 August 2020 03:07 PM

ශානි කිව්වම මම හිතුවේ කෙල්ලෙක් කියලා... බැලින්නම් දඩාර් මිනිහෙක්නේ...

:       2       23

BamunuarachchiSunday, 09 August 2020 03:55 AM

මිනිහෙක් කියලා විතරද දාන්නේ එයාගේ කෙරුවාව ගැන දාන්නේ නැද්ද.

:       0       0

rusiru Friday, 07 August 2020 05:18 PM

කසකාරයො එනකොට අපි දැනගන්න ඕන පෙරහැර ලඟ එනවා කියලා. කුඩු මල්ලිව නිදහස් කරගන්න නම් ශානි අසත්‍ය සාක්ෂි හදනවා කියන මතය සමාජගත කරන්න ඕනෑවෙනවා.

:       126       259

Rohana Saturday, 08 August 2020 09:21 AM

ඕනෑම දෙයක් උඩුයටිකුරු කරමින් තම රාජකාරිය හරියට ඉටුකළ නිලධාරියෙක් අධිකරණය මාර්ගයෙන් වැරදිකරු බවට පත්කරගැනීමට දේශපාලන බලයට පුළුවන්. සමහරවිට වාස් නිදහස් වෙන්නත් පුලුවන්...

:       132       122

athula Saturday, 08 August 2020 08:23 PM

මේ වනසා දමන්න හදන්නේ පිට කාෙන්දක් තිබෙන නිලධාරින්... එතකොට ඔවුන් බලවතුන්ගේ පරික්ෂණවලට අත දාන්න බයවෙනවා.. මේ මනුස්සයා උසස්වීමක් දීලා තියාගන්න අවශ්‍යම නිලධාරියෙක් රට යන දිසාව හිතාගන්න පුඵවන් මේවා තනිකරම වයිරයෙන් කරන ජඩකම් රටේ බොහෝ අයට නොතේරුණාට...

:       0       0

Senarath Sunday, 09 August 2020 03:40 AM

ශානි කවුද කියලා දැනගන්න රංජන්ගේ රෙකෝර්ඩ්ස් ටික හොඳටම ඇති. ශානි කොහොමද පොලිස් අධිකාරිවරයෙක් විදිහට හමුදා කර්නල්වරයෙක් ඝාතනය දැනගෙන වසන් කරන්නේ.. එතකොට ශානිට කොහොමද ඉංග්‍රීසි භාෂා නිපුණත්වය හදාගන්න කියන කොන්දේසිය මත පොලිස් අධිකාරි ධුරය පිරිනමන්නේ? මේවා ලැබුණේ දේශපාලකයින්ට කඩේ ගිය නිසා නෙමෙයිද? හමුදාවේ කී දෙනෙකුට බලපෑම් කළාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 169 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1026 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site