IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ශානි අබේසේකරගේ පෙත්සම ඉල්ලා අස්කරගනී

 
 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල )

ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ශානි අබේසේකර මහතා ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම පෙත්සම්කාර පාර්ශවය විසින්ම අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී .
 
මෙම පෙත්සම අද  (30) සිසිර ද ආබෲ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
 
එහිදී පෙත්සම් ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව වෙනත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත්,  එබැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
 
 එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශානි අබේසේකර මහතාගේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිශ්ප්‍රභ කරන ලදී.
 
නිතියට පටහැනිව , ද්වේෂ සහගතව  තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත්කර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරවරයා හැටියට පත් කිරිමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සදහන් කරමින් , එම ස්ථාන මාරුව  අවලංගු කර වන්දි හැටියට  රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙසද  ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු  අධ්‍යක්ෂක ෂානි අබේසේකර මහතා  මෙම පෙත්සම ගොනු කර තිබිණි.
 
මෙහි වගඋත්තරකරුවන් හැටියට වැඩබලන පොලිස්පති එස්.ඩී.වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසමේ සභාපති  සහ එහි සාමාජිකයින් , මැතිවරණ කොමිසම , නීතීපතිවරයා ඇතුළු 17 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.
 
නිතිඥ මංජුල බාලසූරිය මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන්ව තිබිණි.
 
පෙත්සම්කරු  අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවේ හිටපු  අධ්‍යයක්ෂවරයෙකි.පෙත්සම්කරු මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ ඝාතනය ඇතඑ  ප්‍රකට නඩු ගනනාවක් පිළිබද විමර්ශනය කළ නිළධාරියෙකි.
 
පසුගිය ජනාධිපතිවරණයෙන් දින 4 කට පසුව පෙත්සම්කරුට වහාම ක්‍රියාත්මක වන පරිදි  ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරවරයා හැටියට මාරු කලේය . ඒ අතර මෙතෙක් ඔහුට ලබා දි තිබු  වැඩිපුර ආරක්ෂාවද ඉවත් කෙරිණි.පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨත්වය අනුව පොලිසියේ සිටින  13 වැනි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාය.මෙම ස්ථාන මාරුව සේවයෙන් පහත හෙළිමකි .
 
 මේ පිළිබදව  පොලිස්පතිවරයාට  පැමිණිලි කලත් ඉන් පලක් වී නොමැත.මෙම ස්ථාන මාරුව නිතියට පටහැනිව ද්වේෂ සහගතව සිදුකළ  ක්‍රියාවකි. 
 
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනිමට නියෝග කරන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , තම ස්ථාන මාරුව අවලංගු කර යලි පෙර තනතුරුට පත් කරන අතුරු  නියෝගයක් නිකත් කරන ලෙසද , වන්දි හැටියට රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
 
 



අදහස් (0)

ශානි අබේසේකරගේ පෙත්සම ඉල්ලා අස්කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 176 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 371 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 381 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site