
(ටෝනි කරුණානායක)
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු තවත් සැකකරුවන් පිරිසකට ගිනි අවි චෝදනා ගොනු කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ශානි අබේසේකර නඩුවේ සිව් වැනි සැකකරු අද (7) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට බාර විය.
නිතිඥවරයකු මගින් අධිකරණයට මෝසම් පත්‍රයක් ඉදිරිපත් කර විවෘත අධිකරණයේ නඩුව කැඳවීමෙන් අනතුරුව අධිකරණයට බාර වූ හේවා දේවගේ නවරත්න ප්‍රේමතිලක යන සැකකරු ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා නියම කළේය.
සැකකරු අතුරුගිරිය ජය මාවතේ පදිංචිකරුවෙක් වන අතර හිටපු පොලිස් නිලධාරියකු බව අධිකරණයේ දී සදහන් විය .
එම නඩුවේ පළමු සැකකරු වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ දෙවෙනි සැකකරු වන ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්සක රෝහණ මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා ද ලබන 17 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
විදෙස් ගතව සිටින නඩුවේ 3 වන සැකකරු වන හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා යන සැකකරු අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තුවක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගන්නා බව ඉකුත් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සදහන් විය.
2025 දෙසැම්බර් මස 30
41
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශානිගේ නඩුවේ සිව්වැනි සැකකරු පොලිසියට බාර වෙයි
විජේ Monday, 07 September 2020 03:57 PM
ශානිට මස්සලා දෙන්න ඕනේ මල්මල් බතික් චීත්ත ගවුමක්, දයාසිරිට කියලා...