IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


‘වී මිලදී ගැනීමට රජයේ කිසිඳු වැඩපිළිවෙළක් නැහැ‘-එස්.එම් චන්ද්‍රෙස්න

(දයාරත්න ඇඹෝගම)
 
‘මේ වන විට වී මිල විශාල වශයෙන්  පහළ වැටීමෙන්  ගොවි ජනතාව  අන්ත අසරණ වෙලා රජයට  මේ වී මිලදී ගැනීමට කිසිම වැඩ පිළිවෙළක් නැහැ‘ යැයි ශ්‍රි ලංකා ගොවි  ජන පෙරමුණේ සභාපති  අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසිය. 
 
රජය වහාම මේ වී මිල ප්‍රශ්නය  විසදීමට කටයුතු නොකළහොත් සමස්ත ගොවිජනතාව සමඟ එක්ව දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා යැයිද මන්ත්‍රීවරයි පැවසීය.
 
‘ යැයි  මන්ත්‍රීවරයා මේ  බව සදහන් කළේ අද   (17 )දින පෙරවරුවේදි  අනුරාධපුර  කුරුන්දන්කුලම පිහිටි ඒ මහතාගේ නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
 
 
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය.
 
 
මහින්ද රාජපක්ෂ මහතා අගමැති වී  දින දෙකක් තුළ  ගොවියට පොහොර සහනාධාරය ලබා දීමට පියවර ගත්තා .මේ නිසා වසර හතරකට පසු  සාර්ථක වී අස්වැන්නක් ලැබෙමින් පවතිනවා.
 
අද  අම්පාරේ මේවන විට  වී කිලෝවක් රුපියල් 28 යි 29 යි. ත්‍රිකුණාමලයේ වි කිලොවක් රුපියල් 28 යි .මම ජිවත්වන අනුරාධපුරයෙත් රුපියල් 29 යි .අපේ ආණ්ඩුව කාලයේදී වී මණ්ඩලය හරහා වී මිලදී ගත්තා.
 
පසුගියදා ජනධිපතිතුමා  කැබිනට්   මණ්ඩලයේදී ප්‍රකාශ  කළා වී මිල දී ගැනීමට රුපියල් කෝටි සියයක් වෙන් කලා  කියල නමුත් තාම  ඒ පිළිබදව සුදානමක්වත් නැහැ.
 
අපි ඉල්ලා සිටින්නේ මේ රටේ අව්වට වේලෙන වැස්සට තෙමෙමින් දහඩිය වගුරවමින්  දුක් විදිමින් රටට බත සපයන ගොවිජනතාව අසරණ කරන්න එපා කියලයි. 
 
සිංගප්පූරු ගිවිසුම හරහා මේ රටේ ගොවියා අඩපණ කිරීමේ වැඩ පිළිවෙළක්   ක්‍රියාත්මක කරනවද කියල අපට  බරපතල සැකයක් තිබෙනවා .වී මෝල් තුන් දාහක් පමන වසා දාල. ජනාධිපති තුමා කියල තිබුණ කුඩා  වී මෝල් හිමියන් ශක්තිමත් කරනවා කියලා.
 
වී කිලෝවක් රුපියල් තිහනම වී කිලෝ තුනකින් පුළුවන් හාල් කිලෝ දෙකක් නිෂ්පාදනය කරන්න. 
 
නිෂ්පාදන වියදම රුපියල් දහයක් ගියත් හාල් කිලෝවක් රුපියල් පනස් පහකට දෙන්න පුළුවන් නමුත් අද පාරිභෝගිකය හාල් කිලෝවක් මිලදීල ගන්නේ රුපියල් සියට, එකසිය දහයට. මේ කෙන් පේනවා වෙළදුන් කෝටි ගණන් උපයන බව  පාරිභෝගිකය අසරණ වෙලා  එම නිසා වහාම ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරන ලෙස අපි රජයට බල කරනවා යයිද හෙතෙම මෙහිදි පැවසිය.



අදහස් (0)

‘වී මිලදී ගැනීමට රජයේ කිසිඳු වැඩපිළිවෙළක් නැහැ‘-එස්.එම් චන්ද්‍රෙස්න

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් සමාගම විකිණීමට ලංසු කැඳවයි
2024 පෙබරවාරි මස 29 3 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෝජකයකුට විකිණීම සඳහා ලබන 5 වැනිදා ලංසු විවෘත කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය


පොලීසියට ඔත්තු දුන්නැයි පිහියෙන් ඇන මරලා
2024 පෙබරවාරි මස 29 137 0

වැලිපැන්න පොලිස් වසමේ මල්වතු කන්ද ප්‍රදේශයේදී 33 හැවිරිදි පුද්ගලයෙකු පිහි පහරදී ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.


නව පොලිස්පති වැඩ භාරගනී
2024 පෙබරවාරි මස 29 128 0

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම ධූරයේ වැඩ භාරගත්තේය.


බසය පෙරැළි සිසුන් 35 ක් රෝහලේ
2024 පෙබරවාරි මස 29 148 0

සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි සියඹලාණ්ඩුව


මහා බැංකු ලොක්කෝ පක්ෂ නායකයන් ඉදිරියට
2024 පෙබරවාරි මස 29 639 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හදිසියේම සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තු පක්ෂ නායක


රට රැකියා පෙන්වා මුදල් වංචා කළ යුවළක් දැලේ
2024 පෙබරවාරි මස 29 168 0

ඉතාලි තානාපති කාර්යාලට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගු


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 393 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 338 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site