IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


වෙළඳසැලට හානි නොකර වී කෑ සාධාරණ අලියා

නිමල් ජයරත්න

පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව නගරයේ පෞද්ගලික වී වෙළඳසැලකට රාත‍්‍රියෙදි ඇතුළු වූ වන අලියෙකු එහි කිසිවකට හානි නොකර වී උරයක් පමණක් හිමින් සීරුවේ කන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන් වීමේ ප‍්‍රවෘත්තියක් වාර්තා වී තිබේ.

පසුගිය වෙසක්  පොහොය දා අලූයම 4.30ට පමණ එම වන අලියා ඇතුළු වී ඇත්තේ පොළොන්නරුම මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ කඩවතමඩුව නගරයේ යාබද තිබූ කේ.වී.එම්. කෑරගල මහතාගේ වී වෙළඳසැලටය.

විනාඩි 40 කට ආසන්න කාලයක් වී ගබඩාවේ රැඳී සිටි එම අලියා වී උරයකට පමණක් හානිකර ඇති බවත් කෑරගල මහතා කීය.

තවත් වී උර කිහිපයක් එම අලියාට පසුදින ආහාරයටද කෑරගල මහතා  තබා තිබෙන අතර ඔහු පවසන්නේ පැමිණි වන අලියා සාධාරණ අලියෙකු බවයි.

තවද ඔහු පැවසුවේ ගබඩාවේ ප‍්‍රවාහනය සඳහා පටවා තිබු වී ලොරිය අසළ සිට මෙතෙක් වෙලා සිටියත් ලොරියට හෝ එහි වී ගෝනි වලට කිසිදු හානියක් නොකර අසොළ තිබු බිම් තරාදියටද කිසිදු අලාභයක් නොකර ගබඩාව පිටුපස දොරින් ගොස් ඇති බවයි.



අදහස් (10)

වෙළඳසැලට හානි නොකර වී කෑ සාධාරණ අලියා

රට වැසියා Saturday, 09 May 2020 09:49 AM

කාරුනික මහත්මයෙක් සහ සාදාරන අලියෙක්...

:       0       149

රවින් Saturday, 09 May 2020 09:50 AM

ගන්නකො මේ සි සි වී කැමරා පටිය. පලකරන්න ප්‍රසිද්දියේ සතාවුවත් තම අවශ්‍යතාවය පමණක් බුක්තිවිඳ ඉතිරි කරපු හැටි. මෙරට සියලුදෙනාටම පාඩමක්. විශේෂයෙන් ඉහගෙන කන දේශපාලුවන්ට.

:       0       148

Samitha Senaka Aluthgamage. (Japura University) Saturday, 09 May 2020 10:15 AM

පෝදා රැයේ බඩගිනිවී තිබුණෙ මට ... කාටත් හොරෙන් පැමිණියේ වී මෝලකට ... මල්ලක් ඇතිය කියලා සිතුනා මෙමට ... කරදරයක් නොකොට මම ගියෙ වනයකට ...

:       0       221

Aris Saturday, 09 May 2020 10:30 AM

වරදක් කලත් සිතකින් නොවෙයි මම් පොඩ්ඩක් කාල බඩගින්න නිවා ගන්න ඕන. එහෙම හිතන්න ඇති.

:       0       95

Raveendra Saturday, 09 May 2020 10:52 AM

කොහොමත් මොලේ නැති උනත් වනසතුන් හරිම සාධාරණයි. ඒ අතරින් කකුල් හතරේ අලින් හරිම සාධාරණයි. එකට බලන්න එපැය කකුල් දෙකේ මීහරක් අලි ඔය හැමතැනම පාට පාට කැට ඉදිරියට ඇවිත් කියන කෙප්ප...

:       3       476

ධනූ Saturday, 09 May 2020 11:02 AM

ඇත්තෙන්ම ඉස්සර සතුන්ට කන්න වෙන්කර තැබීමක් තිබුණා. මේ නිසා සතුන් ගේ ප්‍රචන්ඩත්වය අඩුවෙනවා. මිනිසුන්ට වගේ තන්හාවක් උන්ට නෑ. ඔය සතාට වෙන්කරපු එකටත් තව මිනිහෙක්ම ඇවිල්ලා හොරකං කලොත්ම තමා.

:       0       73

Hafeel Saturday, 09 May 2020 11:03 AM

බලනකොට රනිල්ට වඩා හොඳ ගතිගුණ තියන්නේ මේ අලියාට....

:       2       125

RaveendraSaturday, 09 May 2020 05:37 PM

ඔබ අදහස් කලේ අලියා නමැති ඒ ගාම්භීර සත්වයාටත් අපහස කරමින් එම සතාගේ නට්ටටවත් සමාන කල නොහැකි බඩගෝස්තරය ගැනම හිතන කකුල් දෙකේ ගොන් රැල ගැන වියහැකිය..

:       76       493

prasad Saturday, 09 May 2020 02:56 PM

හොඳ අලියෙක්. මහබැංකුවෙත් ඔක්කොම කන්නේ නැතුව ටිකක් ඉතුරු කලානේ දුප්පත් අපිට..

:       3       107

chandrasiriSaturday, 09 May 2020 04:45 PM

2005-2014 මහ බැංකු වාර්තාව දැකලා නැහැ වගේ නේද ගොයියෝ... ගණන් වලින් කොච්චර වැඩිද කියලා බැලුවොත් කොයි අලියත් එකයි කියලාවත් තේරෙයි... ඉතුරුවා පස්සේ තේරෙයි.. චන්දෙන් පස්සේ...

:       420       538

ඔබේ අදහස් එවන්න

 

 

දියත

’’දැලි පිහියෙන් කිරි කන්න හදන අයවැයක්’’
2025 පෙබරවාරි මස 17 891 5

මෙවර අයවැය දැලි පිහියෙන් කිරිකෑමට උත්සාහ කරන අයවැයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.


සීවලියේ කළඑළි මංගල්‍යය
2025 පෙබරවාරි මස 17 14 0

සබරගමු නර්ථන සම්ප්‍රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා විද්‍යාලයේ


සාදයකදී රෝගී වු තරුණයෙක්-තරුණියක් රෝහලට
2025 පෙබරවාරි මස 17 419 1

වත්තේගම , පල්ලේගුණ්නෑපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පැවති සතිඅන්ත සාදයක් අතරතුර රෝගී වූ තරුණියක සහ තරුණයෙකු මහනුවර ජාතික ර



රාජ්‍ය සේවයේ අවම වැටුප 40,000ක්
2025 පෙබරවාරි මස 17 3564 4

රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අය වැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේය.


‘නාමයෝජනා නැතුව නීතිඥ සංගමයේ නිලවරණය එපා‘
2025 පෙබරවාරි මස 17 738 1

යළි නාම යෝජනා කැඳවීමකින් තොරව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා එම සංගමයේ සාමාජික නීතිඥවරියක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 298 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 145 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 982 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site