IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වෙළඳසැලක වහලයේ සැඟවූ ඩෙටනේටර් 10 ක් සොයාගනී

(රොමේෂ් මධුෂංඛ)
 
මන්නාරම අඩම්පන් පාලවිය ප්‍රදේශයේ වෙළඳසැළක වහලයේ තිබී ඩෙටනේටර් 10 ක් සමඟ මුස්ලිම් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
 
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 54 බලසේනාවට අයත් සෙබලුන් පිරිසක් විසින් අදාල ප්‍රදේශයේ අද (30) කළ සෝදිසි මෙහෙයුමකදී කඩ කාමරයක වහලයේ සඟවා තිබී ඩෙටනේටර් හමු වී ඇත.
 
පුත්තලම ප්‍රදේශයේ පදිංචි අබ්දුල් හනූජ් නැමති මුස්ලිම් සැකකරු සමඟ එහි සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කුඩා වඩුමඩුවක් පවත්වාගෙන ගිය අයෙකුද සිටින අතර ඔහුට අයත් බැංකු පොතක රුපියල් කෝටි 10 ක පමණ මුදලක් තිබී ඇති හෙයින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඩෙටනේටර් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා අඩම්පන් පොලීසිය වෙත භාර දුන් බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.



අදහස් (1)

වෙළඳසැලක වහලයේ සැඟවූ ඩෙටනේටර් 10 ක් සොයාගනී

Hasith Tuesday, 30 April 2019 12:02 PM

වඩු වැඩ කරන කෙනාගේ පොතේ කෝටි 10ක් ?? කොහෙන් එන සල්ලිද මේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site