(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 43ක් 19දා මධ්‍යම රාත‍්‍රී 12.00 සිට එහි පරිපාලන බාරය ඉබි යතුරුදමා වසා තැබීම හේතුවෙන්තමන් විශාල අපහසුතාවකට පත්ව සිටින බව ඒවා බදුගත් ව්‍යාපාරිකයෝ පැවසුහ.
ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු පරිපාලන භාරයක් විසින් මෙම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පාලනය කරන බව එහි ව්‍යාපාරිකයෝ පැවසූහ. සීල් තැබීමෙන් පසු වෙළ`දැසැල්වල විදුලිය ද විසංධිකර ඇති බව ද ඔවුහු කියති.
මෙම සීල් තැබූ වෙළදසැල්වල මස්, මාලූ වැනි ශීතකරණ, අධිශීතකරණ වල තබන ආහාර ද්‍රව්‍ය වර්ග මෙන්ම එළවලූ, වෙනත් ආහාරවර්ග, ලිපිද්‍රව්‍ය සහ පාසල් උපකරණ ආදී භාණඩ ඇති බවද ව්‍යාපාරිකයෝ කීහ.
හිඟ බඳු ගෙවන ලෙස ලිපියකින් දැනුම් දී තිබුණ නමුත් කඩසාප්පු වසා දැමීම පූර්ව දැනුම් දීමකින් තොරව කළ බවද එම පිරිස කීහ. රාත‍්‍රී දොළහට පමණ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරයා ප‍්‍රමුඛ පිරිසක් පැමිණ ‘මෙම කඩ කාමරය රජය සතු දේපළක්. අනවසරයෙන් ඇතුලූවීම තහනම්’ යනුවෙන් සදහන් දැන්වීම් අලවා ඇති බව ද ව්‍යාපාරිකයෝ කීහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.