(නාලක සංජීව දහනායක)
මන්ත්‍රී ධූරයට පත්වන ඇතැම් පුද්ගලයන් සමාජය ඉදිරියේ එය විහිළුවට පත්කර තිබෙන ඇයුරු මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වන දුරකතන හඬපට වලින් පෙන්නුම් කෙරෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චරිත හේරත් මහතා අද (14) පැවැසීය.
එවැනි විහිළුකාරී පුද්ගලයන්ගෙන් තොර උගත්, බුද්ධිමත් වියතුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් බවට ඊළඟ පාර්ලිමේන්තුව පත්කළ යුතුයැයි ඔහු කීය.
ඔහු මෙසේද පැවැසීය.
‘‘මන්ත්‍රී ධූරයක් සඳහා පත්විය යුත්තේ දැනුමක් සහිත පුද්ගලයන් බව අපි සාම්ප්‍රධායිකව විශ්වාස කළා. මන්ත්‍රී ධූරය හිමි ඇතැම් පුද්ගලයන් එය විහිළුවට ලක්කර තිබෙන බව ලක්කර තිබෙන බව මේ දිනවල හුවමාරුවන දුරකතන සංවාද ඇතුළත් හඬපට මගින් අපට තහවුරු වෙනවා.
ඉකුත් ආණ්ඩුව යහපාලන බෝඩ් ලෑල්ලක් එල්ලගෙන ඉතාම දුර්වල පාලනයක් ගෙන යන බවට අපි පහුගිය කාලයේ චෝදනා කළා. එදා අපි කළ එම ප්‍රකාශයන් මෙම දුරකතන හඬපට මගින් ගහවුරු වෙනවා. උඩින් යහපාලන බෝඩ් ලෑල්ල දාගෙන ඉකුත් ආණ්ඩුව ඉතාම ප්‍රථමික ගණුදෙනුවක් ගෙනගොස් තිබෙනවා.
යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්‍රියාකළ කණ්ඩායම් තවමත් මෙම දුරකතන හඬපට ගැන කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. තමන්ගේ පක්‍ෂයත්, මන්ත්‍රී ධූරයත්, යහපාලන ආණ්ඩුවත් අර්බුදයට ලක්කර තිබෙන බව සියළුම දෙනාගේ ඇස්වලට පේන්න තිබෙනවා. කන්වලට ඇහෙනවා.
නමුත් කවුරුවත් ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. අපි දේශපාලනය කරන්නේ මේ වගේ අයත් එක්ක නෙවෙයි. වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිප්ති ක්‍රියාත්මක කළ හැකි උගත් බුද්ධිමතත් පුද්ගලයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් බවට ඊළඟ පාර්ලිමේන්තුව පත්විය යුතු යැයි‘‘ද ඔහු සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මේ අාණ්ඩුවත් ඒකම කරන්න පටන් අරන්... ගෑණුත් නොවෙන, පිරිමියෙකුත් නොවෙන කෙනෙක් සංචාරක මණ්ඩලයට පත්කරලා. කිව්වේ නම් තෝරලා තමා පත්කරන්නේ කියලා.. අන්තිමට මෙයාලත් උගත්තු විසිකරලා සංස්කෘතිය කන කුණු ගොඩවල් කර තියන් යනවා.
මන්ත්‍රීධූරය හිමි ඇතැම් පුද්ගලයන් එය විහිළුවට ලක්කර තිබෙන බව මේ දිනවල හුවමාරුවන දුරකතන සංවාද ඇතුළත් හඬපට මගින් අපට තහවුරු වුවත් බරපතල කාරණය වන්නේ උගත් බුද්ධිමත් වගකිවයුතු පුද්ගලයන් රහසිගත තොරතුරු ඔවුනට හෙළිකිරිමය. මෙවැනි හෙළිකිරීමක් නොවුනා නම් රටේ ජනතාව මේ කිසිවක් දන්නේ නැත. පසුගිය රාජපක්ෂ සමයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් තානාපතිවරුන්ට කම්මුල් පහරවල් එල්ල කළ අතර අගවිනිසුරන් හේතුවක් නොමැතිව පන්නා දැමු අවස්ථාද අප දැක තිබේ.
ඇයි මේ විහිළු කාරයින් විතරක්? කසිප්පු කාරයන්, මත්ද්‍රව්‍ය විකුණන්නන්, ස්ත්‍රී දූෂකයින්, කොටින්ම කීවොත් සියලු ශිෂ්ඨ සමාජ දූෂකයින් රටේ තියෙන උත්තරීතර යයි කියාගන්න ස්ථානවලට යැවීම මොනයම්ම හෝ සංස්කෘතියක් තියන ජනයාගේ යුතුකම නොවේ. උත්තරීතර තැන්වලට යැවිය යුත්තේ රටේ හා තමන්ගේ මෙන්ම ස්ථානයේ ගරුත්වයද රැකගත් හැකි නිසි අධ්‍යාපන සුදුසුකම් ඇති උදවියම පමණි. අන්දරේලා වගේ ඉන්නා කීදෙනෙක් දැනට පවතින පාර්ලිමේන්තුවේ ඉන්නවද?
ඒ වගේම පල් හොරුන්ගෙන් තොර රජයකුත් අවශ්‍යයි. එතකොට ඉන්න අය හරියන්නෙම නැහැ.
අන්න හරි. ඒවගේ කට්ටිය පත් කරන්න එපා කියල ඡන්ද දායකයින්ට කියන්න කලින් ඒ වගේ කට්ටියට නාම යෝජනා දෙන්න එපා කියල ඔබ තුමාගේ හිත මිත්‍ර ලොක්කන්ට කියන්න මහත්තයෝ. ඒ කතාව පිළිගත්තොත් දැන් ආණ්ඩුවේ ඉන්න කට්ටියගෙන් කීදෙනෙකුට නාම යෝජනා දෙන්න පුළුවන් වෙයිද කියලත් හිතල බලන්න වෙයි නේද ?
විහිලුකාරයින්ගෙන් තොර පාර්ලිමේන්තුවක්? නිකම් විහිලු කරන්න එපා මහත්තය.