(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනවලට අදාළ සියලූම වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (30) පැවැසීය.
මේ වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි වෝහාරික විගණන වාර්තාවේ ප්‍රසිද්ධ කළ හැකි කොටස් පාර්ලිමේන්තුවට බාරදුන් බව එහිදි පැවැසූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කතානායක කාර්යාලය පසුව කරන ලද ඉල්ලීමක අනුව අනෙකුත් සියලූ වාර්තා ද පාර්ලිමේන්තුවට දුන් බව කීවේය.
එහිදි වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසූ ප්‍රශ්න සහ ඔහු ඒවාට දුන් පිළිතුරු පහත දැක්වේ.
ප්‍රශ්නය : - වෝහාරික විගණන වාර්තාවට අදාළ කොටස් අඩුවෙන් ලබා දුන් බව කියනවා. ඇමුණුම් ලබා දී නැති බව ද කියනවා. ඒවා පර්ලිමේන්තුවට දීමට මහ බැංකුව පියවර ගන්නවාද?
පිළිතුර :- ඒවා සියල්ල පාර්ලිමේන්තු-වට බාර දී අවසන්.
ප්‍රශ්නය :- එහෙත් ඇතැම් කොටස් සහ ඇමුණුම් එහි නැතැයි පාර්ලිමේන්තුව සඳහන් කරනවා ?
පිළිතුර :- ඒ ගැන අහන්න ඕනෑ පාර්ලිමේන්තුවෙන්. අපේ පැත්තෙන් සියල්ල ලබා දී අවසන්. මහ බැංකුව මුලින්ම ප්‍රධාන වාර්තා ලබාදුන්නා. මේ වාර්තාවල රහස්‍යභාවය ආරක්ෂා කරන්නැයි නීතිපතිවරයා අපට උපදෙස් දී තිබුණා. ඒ නිසා අපි මුලින්ම ප්‍රධාන වාර්තා ලබාදුන්නා. ඉන් අනතුරුව කතානායක කාර්යාලය අපෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් අනුව අපි ඉතිරි කොටස් සියල්ල ද පාර්ලිමේන්තුවට බාරදුන්නා.
2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් වෝහාරික විගණන ආරම්භ කළේය.
ඒ අනුව වෝහාරික විගණන හයක් සිදු කරන ලද අතර ඉන් පහක කටයුතු පසුගිය නොවැම්බර් මාසය වනවිට අවසන් කරන ලදි. 1998 වසරේ සිට 2015 වසර දක්වා විටින් විට සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් එම වෝහාරික විගණන සිදු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
අවසන් කරන ලද වෝහාරික විගණනවල වාර්තා රහස්‍යභාවය ආරක්ෂා කර ගනිමින් නීතිමය බලයක් තිබෙන අධිකාරීන් වෙත පමණක් ඒවායේ වාර්තා නිකුත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන් බව ද එම බැංකුව පසුගිය නොවැම්බර් මාසයේදී නිවේදනය කළේය.
ඒ අනුව ඉදිරි නීතිමය කටයුතුවලට බාධා නොවන පරිදි එම විගණන වාර්තාවල යම් යම් කොටස් මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම, 2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත නිකුත් කරන ලද/ගනුදෙනු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු, 1998 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත සේවක අර්ථසාධක අරමුදල මගින් ලැයිස්තුගත කළ හා ලැයිස්තුගත නොකළ කොටස්වල කරන ලද ගනුදෙනා, 2015 පෙබරවාරි 01 දින සිට 2016 මාර්තු 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හා ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කිරීම සහ තෝරාගත් ප්‍රාථමික වෙළෙඳුන් සම්බන්ධයෙන් 2009 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී/බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද අධීක්ෂණ හා නියාමන කාර්යාභාරය යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ වෝහාරික විගණන පහ සිදුකරනු ලැබිණි.
(ඡායාරූප - රුවන් වල්පොල)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා විකාරයක් වෙලා දැන් දඬුවම් දෙන්නේ නැති, රට කරන. හොරුන්ගේ ප්‍රශ්න වලට වැය කරන කාලය , පක්ෂදෙකේ නායකයින් ටික දන්නවා මේ මුදල් හොරාකෑවේ ඔවුන් බව... තමන් ගේ හොරකම වහගන්න තව කෙනෙක්ගේ හොර හොයනවා. මොවුන්ට වතුර බෝතලයක් දෙන එකත් අපරාධයක්... මහින්ද - ගෝඨා දන්නේ නැත්ද බැඳුම්කර හොරු ගැන. ඒ වගේම රනිල් මෛත්‍රී නොදැන හිටියද? අනිත් දෙන්නගේ හොර වැඩ දැන් රාජපක්ෂ පවුලේ කිසිම කෙනකුගේ නඩු ඇහුවද? කොයිතරම් මුදල් ප්‍රමාණයක් හොරා කෑවද? මේ නඩු අහන්න සතයක්වත් හොරකම් නොකරපු අනුර කුමාර වැනි කෙනෙක් ජනාධිපති වෙන්න ඕනෑ. දැන් ඉන්න ජනාධිපති කොහොමද හොරු අල්ලන්නේ..? තමා සහ පවුලේ කට්ටියගේ හොරවැඩ තියෙනකොට, නීතිය සැමටම එකනම් රාජපක්ෂවරු ඇයි හිරේ නොයන්නේ? මේ රට විනාශ කරපු හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොවුන්ට දේව දඬුවම් ලැබෙන්න ඕනෑ.
මේවා වෝහාරික විගණන වාර්තා නිසා මෙතැන්සිට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.
විශාල මහජන මුදලක් වැයකරලා හදපු වාර්තාවේ කෑලි එක එකාට ඕනෑ හැටියට පරිහරණය කරන්න දෙන්නේ නැතිව ඉරිදා පුවත්පත්වලට දාන්න මහජනයාට කියවන්න. අරපති, නීතිපති කියකියා ජනතාව නොමඟ අරින්න එපා.
රට හදන්න හොරු අල්ලන්න කියලා ලක්ෂ 69 ඡන්දෙ දීපු ජනතාව බලන් ඉන්නේ කවද්ද? වෝහාරික ගිණුම් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්න යන වග...
දෙයියනේ 69 ලක්ෂයක් බලන් ඉන්න.... මේවා කවදා උසාවියට යවයිද කියා...
ඉසුරු කමල් , මේ කිසිවක් අධිකරණයට ඉදිරිපත් කරන්න නෑ. දෙගොල්ලෝම අපිව මාරුවෙන් මාරුවට රවට්ටනවා. දේශපාලනේ කියන්නේ අද ලාභ ලබන හොදම ව්‍යාපාරයි.
ඔක්කොම කම්බ හොරු. ඉතින් කොහොමද උසාවි යන්නේ ? මේක ඉන්දියන් සාගරේ මුතු ඇටේ. වටේ හොරු.
මහබැංකු වංචා සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතිය කුමක්ද කියලා කාට හෝ පැහැදිලි කරන්න පුලුවන්ද? අපි හැමෝම කෑ ගහනවා දඩුවම් දෙන්න කියලා.. ඒත් ඒ සඳහා දඬුවම් දිය යුත්තේ පවතින නීතියක් යටතේ පමණයි.
නීතිය සැමටම එකනම් රාජපක්ෂවරු ඇයි හිරේ නොයන්නේ? කෝ අර උදයන්ග කුලතුංග ?ලංකාවට ගෙන්න ගන්න පුළුවන්නේ එයාලට. මොකද තාම සද්ද නැතුව ඉන්නේ ? ඒකට හරියන්න එයා ලංකා එකට සනුහරේ හතර වරිගේ මස්සිනාල නෑනලා රිංගුවේ.
එළුවා පසුපසයන නරියා සමාන වන්නේ සියලු ඡන්ද දායකයින්ය...
කොමිසමේ වැඩ වෝහාරික විගණන කටයුතු අවසන්. දැන් තියෙන්නේ රජය මගින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමයි. මේවා අපක්ෂපාතීව සිදුවේද කියා ජනතාව බලා සිටිනවා. නැත්නම් 69 සහ 55 වගේම 4.6 බලාපොරොත්තු සුන්වෙනවා.
කම්බ හොරෙක් පල් හොරුන්ට දඬුවම් කරන්න පත් කරපු 69 ලක්ෂයෙන් වෝහාරික වාර්තාව යොදාගෙන සියලු බැංකු හොරුන්ට දඩුවම් කරන්න හදයි කියලත් හිතන අය අත් උස්සලා දකුණු පසට වෙන්න.