
(නිමල කොඩිතුවක්කු)
වාහන දුම් පරීක්ෂාව වෙනුවට නව යෝග්‍යතා පරීක්ෂාවක් හදුන්වාදීමට කටයුතු කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
දුම් පරීක්ෂාවට අමතරව, තිරිංග පද්ධතිය, විදුලි පද්ධතිය, ටයර් ආදී වාහනයේ සියලුම උපාංග පිළිබඳ පරීක්ෂාවක් සිදුකර වාර්තාවක් නිකුත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පරීක්ෂාවේදි වාහනයේ යම් ගැටලු වෙතොත් එම අවස්තාවේදීම ඒවා අලුත්වැඩියා කිරීමට අවශය නවීන තාක්ෂණය ඇතුලත් නව ක්‍රමවේදයක් හදුන්වාදෙන බවද සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි රාජ්‍ය අමාතයාංශයේ අද(11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
රාජයේ වාහන ඇතුලු සියලු වාහන මේ පරීක්ෂාවට බාජනය වීම අනිවාර්ය කරන බවත් අමුණුගම මහතා වැඩිදුරටත් කීවේය.
වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති ව්‍යාපාරිකයන්ට සහනයක් ලබාදීමේ අරමුනින් මෙම යෝග්‍යතා පරීක්ෂණ එම පුද්ගලයන්ට ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
එහෙනං අපි වාහන දුවලා ඉවරයි. ඔය රජයේ වාහනවල තමයි හැම ලෙඩක්ම තියෙන්නේ... විශේෂයෙන්ම ලංගම බස්වල...
දැන් සැපද...?
වාහන ගෙන්වීම තහනම් කිරීමෙන් සිදුවූ පාඩුව වාහන ඇති අයගෙන් අයකරගන්නවා වගේ දෙයක්ද?
කොහොමත් අපේ පොකැට්ටුවට විදින දෙයක් නොවෙන්න බැහැ. වාහන අමතර කොටස් මිල දවසින් දවස ඉහළ යනවා. ඒවායේ ප්‍රමිතියත් නියම කරන්න කවුරුවත් නැහැ. අලුත් වාහනයක් ගන්න බැරි නිසා තියෙන පරණ එක හද හදා දුවනවා..ඒ මදිවට තවත් මරාලයක්ද පාත් වෙන්න යන්නේ?
දුම් පරික්ෂාවේ ප්‍රධාන අරමුණ වායු දූෂණය අවම කිරීම. එය හොඳයි. තිරිංග, විදුලිය, ටයර් ආදිය පරික්ෂාවේ ප්‍රධාන අරමුණ ආරක්ෂාව තහවුරු කිරීම. එයත් නරක නෑ. ඒත් ඒවා පරීක්ෂා කළ යුතුමද යන්න ලංකාවේ වාහන ප්‍රමාණය, රිය අනතුරු සිදුවන ප්‍රමාණය, ඒවාට බලපාන හේතු, තිරිංග විදුලිය ටයර් ආදිය පරික්ෂා කිරීමෙන් කෙතරම් දුරට අනතුරු අඩු කර ගත හැකි වේද, අනතුරු අඩු කර ගත හැකි වෙනත් ක්‍රම මොනවාද සහ එම ක්‍රමවල ඵලදායීතාවයන් ආදිය සංඛ්‍යාත්මකව විශ්ලේෂණය කර බලා තීරණය කිරීමයි සුදුසු. ඒ ගැන සුළු විස්තරයක්වත් නෑ. ඒ නිසා එබඳු විශ්ලේෂණයක් කරලා ඇත් දැයි සැකයි. සමහරක් වෙලාවට එහෙම විශ්ලේෂණය නොකර ගන්න තීරණ ඵලදායී නෑ. උදාහරණයකට තිරිංග, විදුලිය, ටයර් ආදී දෑ ගැන පොලිසියෙන් කරන අහඹු පරීක්ෂා කිරීම් සහ දඩ නියම කිරීම් ලංකාවේ සියලු වාහන වසරක් පාසා ඔවැනි පරික්ෂා කිරීම්වලට යටත් කරනවාට වඩා ඵලදායී වෙන්න පුළුවන්. එය එසේ වුවහොත් වසරක් පාසා එබඳු පරීක්ෂණ කිරීම අනතුරු අඩුකරන්න සුදුසුම ක්‍රමය නොවනවා මෙන්ම නිකරුණේ මුදල් සහ කාලය කා දැමීම නිසා ලංකාවේ සමස්ථ ආර්ථිකයට සෘණ බලපෑමක් ද ඇතිකරනවා.
වාහන පාරට දැමීමේදී ඒවා ධාවනයට යෝග්‍ය තත්වයෙන් තිබීම අවශ්‍ය වේ. ආණඩු මාරුවනවිට ඒ ක්‍රමවේදත් මාරුකිරීම නම් සුදුසු නැත. මේ කරන්නේ තව ගාණකට විදින ක්‍රමයකි. ලංගම බස්වලට ඔය කියන ක්‍රමවේද කිසිවක් නැත. මගදිගට කලුදුම් පිටකරන ලංගම බස් රථ ඕනෑතරම් ඇත. අප කොහොමත් ප්‍රතිපත්තියක් නැති ජාතියකි. පාලකයින්ද එසේමයි...
මේක අනික් බොහෝ රටවල කෙරෙන දෙයක්. වසරක් පාසා අලුත් කරන ලියාපදිංචිය සඳහා සම්පූර්ණ වාහන තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් අනිවාර්යයි. එය ලබාගත යුත්තේ අනුමත මෝටර් කාර්මිකයන්ගෙන් පමණයි. කුමක් හෝ වරදක් තියෙනවා නම්, බල්බ් එකක් හෝ වේවා හදා ගතයුතු වෙනවා.
බොහොම හොඳ දෙයක්. දියුණු රටවල මෙය සිදුවෙනවා. ජපානයේ ලොරි බස්, බර වාහනවලට අවුරුද්දකට වතාවක් සහ සැහැල්ලු වාහනවලට අවුරුදු දෙකකට වතාවක් මේ පරීක්ෂණය කරනවා. ඒ සඳහා විශේෂිත ස්ථානයක් තියෙනවා. ලංකාවේ මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඉතා යෝග්‍යයි. රියදුරු බලපත්‍රත් මීට වඩා විධිමත්ව ලබාදීමෙන් වටිනා ජීවිත විශාල ගණනක් බේරා ගතහැකියි.
මෙව්වා කරන්න කලින් රජයේ වාහන රක්ෂණය කරලා ඉන්න. විශේෂයෙන්ම CTB බස්...
ඇයිද කලබල? ඔය නොතේරෙන දේශපාලන සමාජීය අනාථයින් වරින්වර අත හරින දේ... තවම අබ ඇටේක දෙයක්වත් කර තිබේද?
මුලින්ම ඔය යෝග්‍යතා පරීක්ෂණ, මගී ප්‍රවාහන බස්රථ සහ බර වාහන සඳහා පමණක් නියම කරන්න. ඉන්පසු ක්‍රියාත්මක වන ආකාරය සලකා බලලා, අනෙකුත් වාහන කාණ්ඩ සඳහා ආදේශ කරන්න. නැතිනම් වෙන්නේ ඔය මධ්‍යස්ථාන අසල වාහන පෝලිම් ඇතිවී ඔක්කොම අවුල් වෙලා, නිලධාරීන්ට පගා ගහන්න පොටක් පෑදීම පමණි.
තව කරදර වැඩක්...
මොනවා හරි මගුලක් කරලා මිනිස්සු හිරකරනවා. මේ අලුත් දේවල් කරන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න.
තවත් ලෙඩක් පාත් වෙන්නයි හදන්නේ.. ඕවා පැත්තකින් තියා හරක් මැරීම තහනම් කරන්නකෝ...