IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී වාහනය ලියාපදිංචි කෙරෙන පළාත සංඛේතවත් කිරීම සඳහා යොදන ඉංග්‍රීසි අකුරු ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කාබන් විමෝචන පරීක්ෂණ සහ වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහසුවන පරිදි, පළාත් හඳුනා ගැනීමේ  ඉංග්‍රීසි අකුරු දෙකක් වාහනයේ අංක තහඩුවට එක් කරනු ලැබ තිබිණ. එහෙත් වාහනයේ හිමිකරු වෙනස් වන සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කළ යුතු බැවින් පාරිභෝගිකයින්ට මෙන්ම මෝටර් රථ ගමනාගමන දෙපාර්තමේන්තුවටද මෙම තත්ත්වය නිසා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ.

ලියාපදිංචි කරන ලද සෑම වාහනයකටම වෙනමම අංකයක් නිකුත් කර ඇති බැවින්, එක් එක් වාහනයේ අනන්‍යතාවය දෙපාර්තමේන්තු දත්ත පදනම හරහා පහසුවෙන් හඳුනාගත හැකිය.

එම කරුණු සැලකිල්ලට ගනිමින්, වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් හඳුනාගැනීමේ පහසුව ස‍ඳහා ඇතුළත් කරන ලද අකුරු ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.



අදහස් (11)

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

Amila Tuesday, 15 December 2020 07:21 AM

අපේ රටෙ තිබුණ ලොකුම ප්‍රශ්නය

:       5       19

සමරනායකTuesday, 15 December 2020 10:29 AM

යාන්තං ඇති, ඒ ප්‍රශ්නය නම් ඕං විසඳුනා!

:       0       2

UgithaTuesday, 15 December 2020 11:14 AM

එක ප්‍රශ්නයක් හරි විසදුනානේ.. එහෙම හිතන්න පුරුදු වෙන්න ඔනෑ. හැමවෙලාවෙම නෙගටිව් හිතන්න ගියොත් ඉවරයි. අනේ මන්දා අපේ මිනිස්සු කොහොම හැදෙයිද කියලා.. වාහන පාවිච්චි කරන අයට තමයි ඔය ප්‍රශ්නය

:       0       0

තරංග Tuesday, 15 December 2020 09:14 AM

පසුගිය කාල⁣යේ අදාළ වාහනවල ප්‍රදේශය අනුව පුද්ගලයන් පිළිබඳව හඳුනාා ගැනීමට හැකිවුණා... එතුළින් ජනතාව දැනුවත්...

:       0       1

Priyankara Tuesday, 15 December 2020 09:24 AM

මගේ අම්මෝ රටෙ හැමතැනම හොරුන්ට චෙක් නොවීම යන්න පුළුවන්.... ඒ නිසා බුදු සර් මෙක නවතා දමන්න. මෙක තේරුම් කරන්න උත්සාහ කරන්න.

:       0       4

gamunu Tuesday, 15 December 2020 11:05 AM

වාහනයේ හිමිකරු වෙනස් වන සෑම අවස්ථාවකදීම අලුත් අංක තහඩුද වෙනස් වියයුතුම වේ. පාරිභෝගිකයින්ට මෙන්ම මෝටර් රථ ගමනාගමන දෙපාර්තමේන්තුවටද මෙම තත්ත්වය නිසා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව පැවසීම මුසාවකි...

:       0       5

gunda Tuesday, 15 December 2020 05:16 PM

මෙ රටෙ තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි වාහනවල පළාත් අකුරු. ඔන්න අපි ඒක ඉවර කළා. ඊළග ප්‍රශ්නෙ තමයි පළාත් සභා.... අපි හෙට අනිද්දාම පළාත් සභාවලටත් වැඩෙ දෙනවා ඔන්න.

:       0       0

chandana Saturday, 19 December 2020 05:57 PM

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පහසුවට වඩා රටේ ආරක්ෂාව වැදගත්ය. පළාත් අකුරු ආරක්ෂ අංශ වෙත වැදගත් වනු ඇත. යම් යම් කාරණා සම්බන්ධයෙන් සැක කටයුතු පරීක්ෂාවන් සඳහා පළාත් අංකය තිබීම නොතිබීමට වඩා පහසු වේ.

:       0       1

Chaturanga Saturday, 13 November 2021 08:15 PM

මගෙ පොතේ තියෙන්නේ WP... ඒත් අංක තහඩුවේ තියෙන්නේ NC... ඒ නිසා දුම් සහතිකේ ගන්න බෑ කිව්වා... මොකක්ද කරන්න ඕනෑ ඒකට...?

:       0       0

අනුර කිත් රාමනායක Sunday, 09 October 2022 04:30 AM

V l 7632 බයිසිකලේ විස්තර

:       0       0

ක්‍රිස්ටෝපර් පෙරේරා Monday, 05 December 2022 03:59 PM

කවදා ඉඳලාද ක්‍රියාත්මක කරන්නේ? මේ දවස්වල මම වෙනස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1278 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site