IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වැසි - සුළං හේතුවෙන් 12000ක් පීඩාවට

(ඩයනා උදයංගනී)

දිවයිනේ ප‍්‍රදේශ රැසකට පසුගිය සතියක පමණ කාලයක් තිස්සේ පැවති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 18ක පවුල් 3110කට අයත් 12,343 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තද වැසි සමඟ ඇතිවූ ජල ගැලීම්, සුළං හේතුවෙන් සිදුවූ නිවාස හානි, නායයෑම් අවදානම්, පස්කඳු කඩාවැටීම්, අකුණු අනතුරු ආදිය හේතුවෙන් මෙම පිරිස පීඩාවට පත්ව ඇති අතර මෙම ආපදා තත්ත්වයෙන් මරණ දෙකක් සිදුවී 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවකු අකුණු සැර වැදීමකින් මියගොස් ඇති අතර නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එයට යටවූ අයෙකු ද මියගොස් ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සබරගමු පළාතට වන අතර එහි කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්කයන්හි පවුල් 1000කට අයත් 3,995 දෙනකු පීඩාවට පත්ව සිටිති.

මීට අමතරව බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත‍්‍රිකක්යන්හි පවුල් 886කට අයත් 3,831 දෙනෙක්, දකුණු පළාතේ ගාල්ල, හම්බන්තොට සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි පවුල් 539කට අයත් 1,954 දෙනෙක්, වයඹ පළාතේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කවල පවුල් 369කට අයත් 1,356 දෙනෙක්, මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මහනුවර දිස්ත‍්‍රික්කවල පවුල් 229කට අයත් 983 දෙනෙක්, නැගෙනහිර පළාතේ මඩකලපුව සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කවල පවුල් 39කට අයත් 117 දෙනෙක්, උතුරු පළාතේ වව්නියාව, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත‍්‍රික්කවල පවුල් 21කට අයත් 77 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පීඩාවට පත්වූවන්ට සහන සහ වන්දි ලබාදීම සඳහා පියවර ගෙන තිබෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂවරයා කීවේය.



අදහස් (0)

වැසි - සුළං හේතුවෙන් 12000ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site