(ඩී.කේ.රත්න)
විදේශීය ගමන් බලපත‍්‍ර සහ වීසා නොමතිව ශ්‍රී ලංකාවේ සැරිසරමින් සිටි පාකිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු අද (26) ඇල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ 42ක සහ 27 වියේ පසුවෙති.
මෙම පුද්ගලයින් දෙදෙනා 2015 වර්ෂයේ සිට විදේශීය ගමන් බලපත‍්‍ර සහ වීසා නොමතිව සිට ඇති බව අනාවරණය වී තිබේ.
සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
රටින් පිටුවහල් කරන්න ඕනේ... ඔක්කොම ජරා වැඩ මෙයාලා තමයි කරන්නේ. කුඩු බෝ කරන්නේ මෙයාලා තමයි...
අර සිංගප්පුරුවේ කරනවා වගේ..., පිටුවහල් කරන්න ඉස්සර කසපහර 20-30ක් වත් ගහන්න ඕනේ...
මේ අය ගොයම් කපන්න එන අය වෙන්න ඇති.
ඔය අහිංසක පාකිස්ථානු ජාතිකයන් දෙන්න මොකක්ද. කොල්ලුපිටිය පැත්තේ උදේ හවා ඇවිදින ඉන්දියානු, චීන සේනාව දිහා බලන්න. බොහෝ දෙනෙක් වීසා නැතිව වැඩ කරනවා. සමහරු ශ්‍රී ලාංකික අඹුවොත් අරන්. පැටවුත් ඉන්නවා. චීන වියලි ආහාර කඩ? බලන්න එපාද වැඩ?
විදේශිය ගමන් බලපත‍්‍ර නැතුව කොහොමද ලංකාවට ආවේ? උඩින් පාත් වුණාද?